ගැබිනි මව්වරුන්ට එන්නත ගැහුවාම වෙන දේ

කොවිඩ් එන්නත් ලබාගත් ගැබිනි මව්වරුන්ගෙන් දරුවන්ට කොවිඩ් මර්දන ප්‍රතිදේහ සම්ප්‍රේෂණය වීම 100%ක් බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම්.ආර්.එන්.ඒ. ගණයට අයත් කොවිඩ් මර්දන එන්නත් ඊට ඉහළ ඵලදායිතාවක් පෙන්වන බවයි.

ප්‍රසව හා නාරිවේදය සම්බන්ධයෙන් වන අමෙරිකානු සඟරාවක් සිදුකළ නවතම අධ්‍යයනයකින් අනාවරණ වී ඇත්තේ අලුත උපන් බිළිඳුන් කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමටනම් ගැබිනි මව්වරුන් කොවිඩ් එන්නත් ලබාගත යුතු බවයි.

ඵඍභ් ගණයට අයත් කොවිඩ් මර්දන එන්නත් ලබාගත් කාන්තාවන් 36 දෙනෙක් යොදාගෙන ඔවුන් මෙම අධ්‍යයනය සිදුකර තිබුණා.

එහිදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ අධ්‍යයනයට භාජනය වූ එම කාන්තාවන් සියල්ලන්ගේම බිළිඳන් පූර්ණ වශයෙන් කොවිඩ් වෛරසයට එරෙහි ප්‍රතිදේහ සහිතව උපත ලබාඇති බවයි.

අදාළ ගැබිනි මව්වරුන් සියලුදෙනා සති 8ත් 12ත් අතර කාලසීමාවේදී මොඩර්නා හෝ ෆයිසර් මාත්‍රා ද්විත්වයම ලබාගෙන තිබුණා.

එන්නත් මඟින් ශරීරයේ ප්‍රතිදේහ මට්ටම ඉහළ නංවාලීමට වඩා උපතේදීම ඉහළ ප්‍රතිදේහ මට්ටමක් හිමි වීම වෛරසයෙන් ආරක්ෂා වීම තවත් ශක්තිමත් කරන බවයි අධ්‍යයන වාර්තාව පෙන්වා දෙන්නේ.

අරුණ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42