ගාසා හි ළමා අරමුදලට දායකවීමට තිබූ කාලය දීර්ඝ කෙරේ

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදලට දායකවීමට තිබූ කාලය දීර්ඝ කර තිබෙනවා.

ඒ, අනුව එම කාලය 2024 මැයි 31 දින දක්වා දීර්ඝ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ සඳහා දායකවීමට කැමති පරිත්‍යාගශීලීන් වේ නම්, එම පරිත්‍යාග එදිනට පෙර ලංකා බැංකුවේ (7010), තැප්‍රොබේන් ශාඛාවේ (747) පිහිටි ගිණුම් අංක 7040016 වෙත තැන්පත් කර ඊට අදාළ රිසිට්පත 077-9730396 වෙත වට්ස්ඇප් මඟින් යොමු කරන ලෙසට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?