ගාලු කොටුවේ පැරැණි කොටු දොරකඩ වැසේ

පුරාවිද්‍යා ස්මාරකයක් වන ලෝක උරුම ගාලු කොටුවේ පැරැණි කොටු දොරකඩ ආශ්‍රිත කොටු පවුරේ සංරක්ෂණය කිරීමේ කටයුත්තක් හේතුවෙන් ගාලු කොටු පවුරට ඇතුළුවන පැරණි කොටු දොරක තාවකාලිකව වසා දමා තිබෙනවා.

ඒ, අනුව එම දොරක අද (28) දිනයේ සිට ලබන 31 වනදා දක්වා වසා තැබීමටයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් ප්‍රාදේශීය කාර්යාලය පියවර ගෙන ඇත්තේ.

එම දොරටු ආශ්‍රිත ප්‍රදේශයේ රසායනික සංරක්ෂණ කටයුතු හේතුවෙන් මෙම පියවර ගන්නා බව දකුණු පළාත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ වසන්ති අලහකෝන් සඳහන් කළා.

ඒ, අනුව අද (28) සිට 31 වනදා දක්වා ගාලු කොටුවට ඇතුළුවීම සහ පිටවීම නව කොටු දොරකඩ ඔස්සේ සිදුකරන බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?