spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගාලුමුවදොර පිටියේ නව සීමා අද සිට

ගාලුමුවදොර පිටියේ ආගමික උත්සව හැර සංගීත සංදර්ශන, මැතිවරණ ප්‍රචාරක රැස්වීම් සහ ජනහමු පැවැත්වීම සීමා කිරීමට රජය ගෙන ඇති තීරණය අද (20) සිට ක්‍රියාත්මක වනවා.

අද සිට ගාලු මුවදොර පිටියේ කටයුතු සීමා කිරීමටයි අමාත්‍ය මණ්ඩලය සඳුදා අනුමැතිය ලබා දී තිබුණේ.

එම කැබිනට් පත්‍රිකාවට අනුව ගාලුමුවදොර පිටියේ සුන්දරත්වයට හානි විය හැකි සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් සහ වෙනත් උත්සව සඳහා අවසර හිමිවන්නේ නැහැ.

ගාලු මුවදොර පිටිය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් මිලියන 220ක් වැය කර ඇති බව සඳහන්.

පසුගිය වසරේ උද්ඝෝෂණවලදී ප්‍රදේශයට සිදුවූ හානිය පිළිසකර කිරීම සඳහා රුපියල් මිලියන 6.6ක් වැය කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව මහජනතාවට නිදහසේ කාලය ගත කිරීම සඳහා පමණක් ගාලුමුවදොර පිටිය භාවිත කිරීමට ඉඩ ලබාදීමට තීරණය කර තිබෙනවා.

අද සිට විශේෂ ආගමික උත්සව පැවැත්වීම සඳහා පමණක් ගාලු මුවදොර පිටිය ලබාදෙන බව කැබිනට් පත්‍රිකාවේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?