ගාලුමුවදොර පිටියේ නව සීමා අද සිට

ගාලුමුවදොර පිටියේ ආගමික උත්සව හැර සංගීත සංදර්ශන, මැතිවරණ ප්‍රචාරක රැස්වීම් සහ ජනහමු පැවැත්වීම සීමා කිරීමට රජය ගෙන ඇති තීරණය අද (20) සිට ක්‍රියාත්මක වනවා.

අද සිට ගාලු මුවදොර පිටියේ කටයුතු සීමා කිරීමටයි අමාත්‍ය මණ්ඩලය සඳුදා අනුමැතිය ලබා දී තිබුණේ.

එම කැබිනට් පත්‍රිකාවට අනුව ගාලුමුවදොර පිටියේ සුන්දරත්වයට හානි විය හැකි සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් සහ වෙනත් උත්සව සඳහා අවසර හිමිවන්නේ නැහැ.

ගාලු මුවදොර පිටිය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් මිලියන 220ක් වැය කර ඇති බව සඳහන්.

පසුගිය වසරේ උද්ඝෝෂණවලදී ප්‍රදේශයට සිදුවූ හානිය පිළිසකර කිරීම සඳහා රුපියල් මිලියන 6.6ක් වැය කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව මහජනතාවට නිදහසේ කාලය ගත කිරීම සඳහා පමණක් ගාලුමුවදොර පිටිය භාවිත කිරීමට ඉඩ ලබාදීමට තීරණය කර තිබෙනවා.

අද සිට විශේෂ ආගමික උත්සව පැවැත්වීම සඳහා පමණක් ගාලු මුවදොර පිටිය ලබාදෙන බව කැබිනට් පත්‍රිකාවේ සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39
Video thumbnail
විමල් - අර්චුනාගේ Photo එකක් ලීක් කරයි ? අර්චුනා විරුද්ධ පක්ෂයේ වේදිකාවට ආවම කොටියා
04:16
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14
Video thumbnail
"දැන් මම කඩුවෙල සියලු ජනයාට නගරාධිපති.. ලබන පාරත් මම මාලිමාවෙන් ඡන්දේ ඉල්ලනවා"
00:22
Video thumbnail
වර්ජන කරන එක මහ කා#කණ්නි වැඩ - ඊයෙත් හොඳට Train තිබ්බා..වර්ජනය අසාර්ථකයි
02:11
Video thumbnail
මැරුණු සැමියා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14