ගාල්ල – ඔරොප්පුවත්තේ නගර සභා ටැංකියක මුදල් පසුම්බි තොගයක් (ඡායාරූප)

ගාල්ල – ඔරොප්පුවත්තේ නගර සභා ගොඩනැඟිල්ලේ අතහැර දමා තිබූ ජල ටැංකියක තිබී මුදල් පසුම්බි තොගයක් නගර සභාවේ සේවකයින් පිරිසකට හමු වී තිබෙනවා.

එලෙස සොයාගත් මුදල් පසුම්බි තුළ ඒවායේ හිමිකරුවන්ට අයත් ජාතික හැඳුනුම්පත්, රියදුරු බලපත්‍ර, බැංකු කාඩ් පත්, සේවක හැඳුනුම්පත් ඇතුළු ලියකියවිලි රැසක් ද තිබී හමුව ඇති බවයි වාර්තා වුණේ.

කිසියම් පුද්ගලයෙකු හෝ පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් විවිධ අවස්ථාවලදී සොරාගන්නා ලද මුදල් පසුම්බි, ඒවායේ තිබූ මිල මුදල් ලබාගැනීමෙන් පසු මෙලෙස ජල ටැංකියට දමන්නට ඇති බවයි සැක පළකරන්නේ.

මෙලෙස සොයාගත් මුදල් පසුම්බි නගර සභා සේවකයින් විසින් ගාල්ල පොලිසියට භාරදීමට කටයුතු කර තිබෙනවා.

1 10
2 5
3 5
4 5
5 6
6 6
7 6
8 5
9 3
10 3
11 1
12
13
  1. WESA KUDDO, GENUNTAMAYI POCKET GAHALA THIYENNE. EYI GENU AYATA MUNGE PASSE DUWANNA BAHANE. MEKA KARAPU EKAGE KAKUL WALA DUWANNA AMARU MOKAK HARI UPSET EKAK ATHI. EHEMA KUDU GAHANA POCKET GAHANA UN HEWWA NAM EKA DEKA ANINA KOTA OKKOMA WAMARAYI.