ගාම්භීර්ගේ ප්‍රධාන පුහුණුකරු පට්ටම අනතුරේ

ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍ර්ලියාව අතර තරග පහකින් සමන්විත බෝඩර්-ගවස්කාර් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ඉන්දීය ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගාම්භීර්ගේ අනාගතය තීරණය කරන තීරණාත්මක තරගාවලියක් වනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

බෝඩර්-ගවස්කාර් කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 22 වනදා පර්ත් හිදී ආරම්භ වනවා.

ඉන්දීය ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වූ ගාම්භීර් පත්වීමත් සමඟ බොහෝ දෙනෙක් ඉන්දීය කණ්ඩායමේ දක්ෂතා සහ ජයග්‍රහණ ප්‍රතිශතය තවත් වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තුවෙන් පසු වුණා.

කෙසේ වෙතත් ගාම්භීර් ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීමෙන් පසු ඉන්දීය පිළ ශ්‍රී ලංකාව ඉදිරියේ දී එක්දින තරඟාවලියක් පරාජයට පත් වූ අතර, නවසීලන්තයට එරෙහිව ටෙස්ට් තරඟාවලියක් ද මව්බිමේ දී පරාජය පත් වුණා.

කෙසේ වෙතත් එළඹෙන බෝඩර්-ගවස්කාර් කුසලානයේ දී ඉන්දීය කණ්ඩායම හොඳින් ක්‍රීඩා කිරීමට අපොහොසත් වුවහොත්
ප්‍රධාන පුහුණුකරු භූමිකාව ගාම්භීර්ගෙන් ඉවත් කරනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ, අනුව සුදු පන්දු පුහුණුකරු ලෙස ගාම්භීර් සමඟ රැඳී සිටීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය අදහස් කරන අතර, දුර්වල රතු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඔහුව ඉවත්කිරීමට කටයුතු කරනු ඇති බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ.

මේ අතර ගාම්භීර් සිකුරාදා ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී අජිත් අගාර්කාර් සහ ඉන්දීය එක්දින සහ ටෙස්ට් නායක රෝහිත් ෂර්මා සමඟ පැය 06ක දීර්ඝ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

මෙහිදී නවසීලන්තයට එරෙහිව මව්බිමේ දී පුරන ටෙස්ට් තරගාවලි පරාජයකට මුහුණදීම සම්බන්ධයෙන් සහ එවැනි ප්‍රතිඵලයක් සඳහා බලපෑ කරුණු පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
6
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05
Video thumbnail
ලාල්කාන්ත ගෙදර නිසා විජිත අපහසුතාවයට පත්වෙයි.."පරම්පරාවේ, බිරිඳගේ ඉඩම් විකුණලා ගෙදර හැදුවේ"
01:59
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
එක මිටට, දර ළිපට, පොල් කටුවට..ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37
Video thumbnail
ප්‍රසාද් සර් අදත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
09:08
Video thumbnail
යට ඇඳුමේ හිල් තිබ්බට යන්නේ නම් V8 එකේ
03:11