ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගින්නකින් නිවාස 50කට හානි

ග්‍රෑන්ඩ්පාස් කජීමා වත්තේ නිවාස පෙළක ගින්නකින් නිවාස 50කට පමණ හානි වී ඇතැයි පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ අද(15) අලුයම 2.40 ට පමණ ගින්න හටගෙන ඇති බවයි. නිවසක දල්වා තිබූ පහනකින් ගින්න හටගෙන ඇතැයි සැක කරන බව පොලීසිය සඳහන් කළේය.

මේ වන විට ගින්න පාලනය කර තිබේ. මේ අතර ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ ගින්න පාලනය සඳහා ගිනි නිවීම් රථ 5 ක් පමණ යෙදවූ බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?