ග්‍රීසියේ ප්‍රවාහන ඇමති ඉල්ලා අස්වෙයි

ග්‍රීසියේ ප්‍රවාහන අමාත්‍ය කොස්ටාස් කරමන්ලිස් (Kostas Karamanlis) සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබෙනවා.

ඒ එරට සිදුවූ මාරක දුම්රිය අනතුරින් පසුවයි.

සිය නිල ෆේස්බුක් ගිණුම තුළ පළ කරන ලද ප්‍රකාශයකින් ඔහු දන්වා ඇත්තේ ඉල්ලා අස්වීම තම යුතුකම බවයි.

විපතට පත් වූවන්ගේ මතකයට ගෞරව කිරීම සඳහා තමාට කළ හැකි අවම දෙය ඉල්ලා අස්වීම වන අතර රාජ්‍යයේ දිගුකාලීන අසාර්ථකත්වයන් සඳහා තමා වගකීම භාර ගන්නා බවයි ඔහු කියාසිටියේ.

21 වන සියවසට නොගැලපෙන දුම්රිය පද්ධතියක් සවි කිරීමට තුලින් බලධාරීන්ගේ දිගුකාලීන අසාර්ථකත්වය පිළිබඳ වගකීම තමන් භාර ගන්නා බව පවසමිනුයි ප්‍රවාහන අමාත්‍ය කොස්ටාස් කරමන්ලිස් ඉල්ලා අස් වී ඇත්තේ.

ඇතන්ස් සිට කිලෝමීටර් 380ක් පමණ උතුරින් පිහිටි ටෙම්පේ නිම්නය ආසන්නයේ සිදු වූ දුම්රිය අනතුරට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

ග්‍රීසියේ පොලිසිය විසින් ඊයේ ලැරිසා නගරයේ දුම්රිය ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රශ්න කිරීම සඳහා රඳවාගෙන තිබෙනවා.

මෙම දුම්රිය අනතුරින් පුද්ගලයන් 43 දෙනෙකුට දිවි අහිමි වුණා.

දුම්රිය අනතුර සම්බන්ධයෙන් ග්‍රීසියේ විරෝධතා ද මතුව ඇති අතර, එය සිදුවීමට නියමිතව තිබූ අනතුරක් ලෙසටයි බොහෝ දෙනෙකු චෝදනා කරන්නේ.

ග්‍රීසියේ දුම්රිය මාර්ග නඩත්තු කිරීමේ වගකීම දරන සමාගම වන ඇතන්ස්හි හෙලනික් දුම්රිය මූලස්ථානය අසල විරෝධතා පැවති අතර එහිදී ඔවුන් පොලිසිය සමඟ ද ගැටී ඇතැයි සඳහන්.

ග්‍රීසියේ රජය පවසන්නේ ස්වාධීන පරීක්ෂණයක් සිදු කර පීඩාවට පත්වූවන්ට යුක්තිය ඉටු කරන බවයි.

මගී ප්‍රවාහන දුම්රියක් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක මුහුණට මුහුණ ගැටී ඉදිරිපස මැදිරි ගිනිගෙන දැවී යාමෙන් මෙම අනතුර සිදු වුණා.

මෙම සිද්ධියෙන් පසු රට පුරා දින තුනක ජාතික ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

දුම්රියේ සිටි මගීන් 350 දෙනාගෙන් බොහෝ දෙනෙකු ග්‍රීක ඕතඩොක්ස් ලෙන්ට් සමරමින් දිගු සති අන්තයකට පසු තෙසලෝනිකි වෙත ආපසු පැමිණි වයස අවුරුදු 20 ගණන්වල පසුවන සිසුන් බව සඳහන්.

අග්‍රාමාත්‍ය Kyriakos Mitsotakis පැවසුවේ මෙම ඛේදනීය අනතුර සිදුව ඇත්තේ පුද්ගලයෙකුගේ දෝෂයක් හේතුවෙන් බවයි.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇත්තේ ලැරිසා හි 59 හැවිරිදි දුම්රිය ස්ථානාධිපතිවරයෙකු යි.

කෙසේවෙතත් ඔහු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, අනතුරට හේතුව කාර්මික දෝෂයක් බවයි ප්‍රකාශ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40