ගවයින් සොරාගෙන මරා මස්කළ පිරිසක් බූන්දල දී අල්ලයි

හම්බන්තොට – බූන්දල වනෝද්‍යානයේ නිලධාරීන් විසින් නීති විරෝධී අයුරින් ගව ඝාතනයේ යෙදී සිටි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම නිලධාරීන් ඊයේ (13) රාත්‍රීයේ සිදුකරන ලද මුර සංචාරයක දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට යාමේදී ඉන් දෙදෙනෙක් පලාගොස් ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සන්තකයේ තිබී ගිනි අවියක් සහ පිහි දෙකක් වනජීවී නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

මොවුන් විසින් ගව හිමියන්ගේ ගව පට්ටිවල සිටින ගවයින් සොරකම්කර රැගෙන ගොස් මරා මස් රැගෙන යාම කලක සිට සිදුකරගෙන ගොස් ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?