ගල්වැව සිරිධම්ම හිමිගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේපයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

එස්. තුරෙයි රාජා, මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි මෙම තීන්දුව ලබා දුන්නේ.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුවයි ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පෙත්සම්කාර සිරිධම්ම හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ තම සේවාදායකයා ජුනි මස 10 වනදා බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ඇති වු සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පැවසුව ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා විමර්ශන සිදු කිරීම නීතියට පටහැනි බවයි.

එහෙත් එම තර්කය ප්‍රතික්ෂේප කරමින් කරුණු දැක්වූ රජයේ ජේෂ්ඨ නීතිඥ ෂමින්ද වික්‍රම මහතා සඳහන් කළේ ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව මහමගට පැමිණි ජනතාව කුපිත කිරීමට පෙත්සම්කරු කටයුතු කර ඇති බව විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවයි.

රජයේ ආයතන වලට බලහත්කාරි ලෙස ඇතුළු වීම, රාජ්‍ය දේපල වලට හානි කිරීම, මහජනතාව කුපිත කිරීම වැනි බරපතළ ක්‍රියා පෙත්සම්කාර හිමියන් විසින් සිදුකර ඇති බවට විමර්ශන වලදී කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා ඒවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බරපතල වැරදි බවයි කියා සිටියේ.

පෙත්සම්කරුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වීම නිසා පොලිසිය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැදවුම් නියෝග ලබාගෙන විමර්ශන සිදුකිරීමට කටයුතු කළ බවත් ඒ තුළින් පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවී නොමැති හෙයින් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන ලෙස ජේෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත්වූ සියලු කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කරන බව නිවේදනය කළා.

මේ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන පසුව නිදහස් කරන ලද අරගලයේ ක්‍රියාකාරිකයකු වන හා හශාන්ත ජිවන්ත ගුණතිලක විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51