ගල්කිස්ස මහ පාරේ තරුණයෙක් වෙඩි තබා මරා දැමීමේ සිද්ධියේ යතුරුපැදිකරු අල්ලයි

පසුගිය 05 වනදා දින ගල්කිස්ස පොලිස් වසමේ සිල්වෙස්ට මාර්ගයට හැරෙන හන්දිය අසල දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තරුණයෙකුට වෙඩි තබා ඝාතනය කර පළාගොස් තිබුණා.

මෙම වැඩි තැබීමට පැමිණි යතුරුපැදියේ පැදිකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ සැකකරු ඊයේ (16) හෝමාගම, මාකුඹුර ප්‍රදේශයේ දී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්ංශයේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 45ක් වන මාකුඹුර, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුවන් අපරාධය සඳහා පැමිණි බවට සැකකෙරෙන යතුරු පැදියේ කොටස් හා ව්‍යාජ අංක තහඩු දෙකක් සැකකරුගේ නිවස පිටුපස වළ දමා තිබියදී සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම වෙඩි තැබීමෙන් දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ සේවකයෙක් ලෙස කටයුතු කළ තරුණයෙක් ජීවිතක්ෂයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
1
+1
0
+1
2
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?