AFC Banner
AFC Banner
Empty Ad

ගල්කිස්සේ කොස්තාපල් ගල් කළ T-56 සහ උණ්ඩ සොයාගෙන – ඇල්ලූ සැකකරු අද උසාවියට

පසුගියදා ඩුබායි රාජ්‍යට පළාගිය ගල්කිස්ස පොලිස් ස්ථානයට අනියුක්තව සේවයේ සිටි කොස්තාපල්වරයා වෙනත් පාර්ශ්වයකට අලෙවි කර තිබූ රාජකාරි ගිනිඅවිය සොයාගෙන තිබෙනවා.

ටී-56 ගිනි අවිය සහ එයට යොදන උණ්ඩ 30ක් ඊයේ (17) ගල්කිස්ස ප්‍රදේශයේ දී මෙලෙස සොයාගෙන ඇති අතර, ඒ සමඟ සැකකරුවෙක් ද අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

මොහු දැනට විදෙස් රටක සැඟව සිටින බව කියන අයිඩී නමින් හැඳින්වෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධානතම ගෝලයෙකු බවයි අනවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (18) දිනයේ දී අධිකරණය වෙත ඉදිරිපත් කර රඳවා තබා ගැනීමේ නියෝග ලබාගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?