ගලගොඩඅත්තේ හිමි බලන්න මන්ත්‍රී සරත් වීරසේකර බන්ධනාගාර රෝහලට

පසුගියදා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කරනු ලැබුවා.

ඥානසාර හිමිට එරෙහිව නීතිපතිවරයා විසින් පනවා තිබූ නඩුවක අධි චෝදනා දෙකටම වරදකරු කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

ඒ, 2016 වසරේ කොළඹදී පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය මගින් ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවත්වා තිබුණා.

කෙසේ වෙතත් අනතුරුව ඥානසාර හිමියන් බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිිකාර ලබමින් සිටින බව රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසා තිබුණා.

එමෙන්ම මැති ඇමතිවරුද උන්වහන්සේගේ සුව දුක් විමසීමට අවස්ථාවක කිහිපයකදීම ගොස් තිබූ අතර ඊයේ (31) දිනයේ ද හිටපු ආරක්ෂක අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී අද්මිරාල් සරත් වීරසේකර ද ඥානසාරහිමිගේ සුව දුක් විමසීමට බන්ධනාගාර රෝහලට ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"හිරේ ඉන්න මිනිස්සු බිත්ති හතරකට කොටුවෙලා පීඩනයක ඉන්නේ"
01:16
Video thumbnail
බන්ධනාගාරෙට යවන්න තිබුණේ හමුදාව.. පොලිසිය ගැන කිසි විශ්වාසයක් නෑ..
01:23
Video thumbnail
බන්ධනාගාරයවත් ආරක්ෂා කරන්න බැරි තත්ත්වයට රට පත්වෙලා
02:08
Video thumbnail
තාත්තයි පුත්තු දෙන්නයි ඇතුළේ..අම්මා අඬනවා..ඇයි මෙහෙම වුණේ ?පහුගිය ආණ්ඩුවලත් මෙහෙම සිද්ධි වුණානේ
08:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.07
00:00
Video thumbnail
අජිත් බන්ධනාගරය ගැන කියලා හර්ෂණට කට උත්තර නැතිකරයි - දෙවැනි කැරැල්ල වළක්වා ගන්න තිබුණා
08:11
Video thumbnail
මීගමුව බන්ධනාගාරය අසළ නවතම දර්ශන මෙන්න - හමුදාව බෆර් රථවල රැදී සිටින අයුරු
00:53
Video thumbnail
"රාජකාරිය වෙනුවෙන් දිවි පුද කළ දර්ශන තරංග" - ඔබ සියලු දෙනාටම නිවන් සුව ලැබේවා..
01:14
Video thumbnail
T 56 කවුළුවට දාලා වෙ# තියනවා..කවුද මේවට අණ දුන්නේ ?හමුදාව පාවිච්චි කරලා පාලනය කරන්න තිබ්බා
04:43
Video thumbnail
නාමල්ගෙන් අලුත් වැඩක් - ජනතාවගේ ප්‍රශ්න ගැන අපි කතාකරනවා
02:26