spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගලගොඩඅත්තේ හිමි බලන්න මන්ත්‍රී සරත් වීරසේකර බන්ධනාගාර රෝහලට

පසුගියදා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කරනු ලැබුවා.

ඥානසාර හිමිට එරෙහිව නීතිපතිවරයා විසින් පනවා තිබූ නඩුවක අධි චෝදනා දෙකටම වරදකරු කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

ඒ, 2016 වසරේ කොළඹදී පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය මගින් ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවත්වා තිබුණා.

කෙසේ වෙතත් අනතුරුව ඥානසාර හිමියන් බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිිකාර ලබමින් සිටින බව රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසා තිබුණා.

එමෙන්ම මැති ඇමතිවරුද උන්වහන්සේගේ සුව දුක් විමසීමට අවස්ථාවක කිහිපයකදීම ගොස් තිබූ අතර ඊයේ (31) දිනයේ ද හිටපු ආරක්ෂක අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී අද්මිරාල් සරත් වීරසේකර ද ඥානසාරහිමිගේ සුව දුක් විමසීමට බන්ධනාගාර රෝහලට ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?