ගනේමුල්ල සංජීවගේ ළඟම ගෝලයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීවගේ සමීපතම ගෝලයෙකු වන බස්නායකලාගේ දොන් රොෂාන් චතුර්ක නමැති පුද්ගලයාව අද අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් මෙරටට ඇතුළු වෙමින් සිටියදී පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව පැවසුවා.

මෙම සැකකරු 33 හැවිරිදි නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

අද අලුයම 04.00 ට සාජා සිට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.- 9502 දරන ගුවන් යානයෙනුයි මොහු ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත්තේ.

එහිදී ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රැක සිටි පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් , ආගමන විගමන නිලධාරීන්ගේ ද සහාය ඇතිව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්පසුව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේ කොළඹ පොලිස් විශේෂ කාර්යය බලකා මූලස්ථානය වෙත සැකකරුව රැගෙන විත් ඇති බවයි වාර්තා වන්නේ.

මොහු මත්ද්‍රව්‍ය අලෙවිය සහ කප්පම් ගැනීම මෙන් ම කෙහෙල්බද්දර පද්මෙගේ පියා වන නෙවිල්ගේ ඝාතනයට සහ දුනුමාලේ සරත්ගේ ඝාතනයට ද සම්බන්ධ බවට පොලිසිය සැක කරනවා.

සැකකරු සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17