ගතේ හයිය නැතත් හිතේ හයියෙන් A 9ක් ගත් දිරිය දියණිය

දික්වැල්ල රත්මලේ බඹරැන්ද සද්ධර්මරාජ මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ උපතින්ම දෙපා ඇතුළු ශරීරයේ බොහෝ කොටස් අප්‍රාණික තත්වයේ පසුවන ආබාධිත දියණියක් මෙවර අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයේ සියලුම විෂයයන්වලට ඒ සාමාර්ථ ලබා ගැනීමට සමත් වූවාය.

ගතින් වාරු නැතත් සිතේ ශක්තියෙන් හා නොපසුබට ආත්ම විශ්වාසයෙන් බොහෝ අභියෝග මැද මෙම විශිෂ්ඨ දක්ෂතාවය දක්වා ඇත්තේ රත්මලේ කුරුදුගහ හේනේ පදිංචි දෙව්මි රන්සරා කුලතුංග රාජපක්ෂ නමැති දියණියයි.

වයස අවුරුදු 16 ක් වුවද අවුරුදු පහක් තරම්වත් පෙනුමක් නොමැති මෙම දැරියගේ ඉගටියෙන් පහළ කොටස සම්පූර්ණයෙන්ම අප්‍රාණික වී තිබේ.

දෑත් ද සම්පූර්ණයෙන් ක්‍රියාශීලී නොමැති අතර ඇයට සාමාන්‍ය දරුවකු තරමට නොහැකි වුවත් සෙමෙන් අකුරු ලිවීමේ හැකියාවක් පවතී.

එහෙත් ඒ සදහා පොතපත මෙන්ම සියලු ලිපි ද්‍රව්‍ය ඇය ළඟටම සපයා දිය යුතු වෙයි.පෑනේ විල්ල පවා ගලවා ඇයගේ අතේ තැබිය යුතු අතර පොතේ පිටු පවා පෙරලා දීම වෙනත් කෙනකු විසින් සිදු කර දිය යුතුව ඇත.

ඇය පාසලට කැදවා ගෙන ඒම හා නැවත කැදවා ගෙන යාම මාපියන් විසින් සිදු කරන්නේ වඩා ගෙනය.

වසර 100 කට වැඩි ඉතිහාසයක් ඇති පාසලේ අ.පො.ස.සාමාන්‍ය පෙල හොදම ප්‍රතිඵලය ද මෙවර වාර්තා වීම විශේෂත්වයකි.

විභාගයට පෙනී සිටි දරු දැරියන් 21 දෙනා අතුරින් දෙව්මි සහ ඇගේ මිතුරියක් විෂයයන් සියල්ලටම ඒ සාමාර්ථ හිමි කර ගෙන තිබුණාය.

ඊට අමතරව දෙව්මිගේ ජයග්‍රහණය තවත් සුවිශේෂී වන්නේ ඇය කිසිදු උපකාරක පන්තියකට සහභාගී නොවී පාසලෙන් ඉගෙනුම ලැබු අධ්‍යාපනයෙන් හා පොත පත කියවීමෙන් ලැබු දැනුමෙන් මෙම ජයග්‍රහණය ලබා ගෙන තිබීමයි.

ඇයට සුබ පැතීම සදහා ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද අමතක කර නොතිබුණි.

දෙව්මි ගේ මව වන කුසුමිණි අබේගුණවර්ධන (45) මහත්මිය සිංහල විෂය උගන්වන ගුරුවරියක වන අතර ඇයද එම පාසලේම සේවය කිරීම දරුවා රැගෙන ඒම හා රැගෙන යාමට විශාල පහසුවක් වී තිබේ.

ඇයගේ පියා වන මහින්ද කුලතුංග රාජපක්ෂ (49) මහතා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාතර අඩවි වන නිලධාරී කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරියෙකි.

දෙව්මිට බාල සහෝදරයින් දෙදෙනෙකු සිටින අතර දිනුක රාජපක්ෂ (13) ශිෂ්‍යත්ව විභාගය සමත් වී මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ 08 වන ශ්‍රේණියේ ද සිතුක රාජපක්ෂ (11) සද්ධර්මරාජ විද්‍යාලයේම ද ඉගෙනුම ලබමින් සිටී.

අධ්‍යාපනය සිදු කර ගෙන යන අතරතුර දෙව්මි නිතර අසනීප වන අතර එම නිසා විටින් විට රෝහල ගත කිරීමට සිදු වීම සාමාන්‍ය තත්වයක් බවට පත්ව තිබේ.

ගණිත අංශයෙන් අ.පො.ස.උසස් පෙළ හැදැරීම ඇයගේ ආශාව වුවද ඒ සදහා මනස වැඩි වශයෙන් වෙහෙසිය යුතු නිසා එම ආශාව අතහැර දෙමාපියන්ගේ ඉල්ලීම පරිදි තොරතුරු තාක්ෂණය සමග වාණිජ අංශයෙන් ඉදිරියට යාමට ඇය මේ වන විට හිත හදා ගෙන ඇත.

ජීවිතයේ ලොකු බලාපොරොත්තු දෙව්මිට නොමැත.උසස් පෙළ විභාගයෙන් සමස්ත ලංකාවෙන් විශිෂ්ඨ ප්‍රතිඵලයක් ලබා ගැනීම ඇයගේ මී ලග ඉලක්කයයි.ඉන් පසු ඊ ලග බලාපොරොත්තුව වෙනුවෙන් වෙහෙසෙන බවත් බලාපොරොත්තු පොදි බැද ගෙන නැති බවත් එසේ බලාපොරොත්තු තබා ගත හැකි තරමට තම සෞඛ්‍ය තත්වය යහපත් නොමැති බවත් ඇය වැඩි දුරටත් කිය් සිටියාය.

කෙසේ වෙතත් දෙව්මි රන්සරා තම පියාගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ මෙවැනි සංවේදී සටහනක් තබා ඇත.

“ගතින් දුබල වු මා සිතින් කිසිදා නොවැටී දිවි මගේ කිසිදා නෙතග කදුලක් නොසලා අතරමග නොසැලී ආ අභියෝගාත්මක ගමන් මගේ ජය ටැඹක් වු අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ඨ සාමාර්ථ නවයක් ලබා ගත්තෙමි.වෙර නැති මා ගතට සෙවනැල්ල සේ වෙරදුන් මගේ සෙනෙහෙබර මෑණියන්ටත් පියාණන්ටත් මල්ලිලා දෙන්නාටත් නෑ හිත මිතුරන්ටත් පලමු ශ්‍රේණියේ සිට සිප් සතර දුන් ගුරුවරුන්ටත් විදුහල්පතිතුමාටත් සහෝදර මිතුරු කැලටත් ප්‍රදේශවාසීන්ටත්රදේශවාසීන්ටත් රටවාසීන්ටත් මේ ප්‍රීතිජනක අවස්ථාවේ කෘතවේදීත්වය පුද කරමි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
01:14
Video thumbnail
සමහර ස්ථානවල අදත් ගිගුරුම් සහිත වැසි - එල්නිනෝ ක්‍රමයෙන් වර්ධනය වෙයි ?
05:14
Video thumbnail
අපේ රට දැන් සුරපුරයක්.. අවුරුදු දෙකකින් රට වෙනස් කළ හැටි මෙන්න..
02:36
Video thumbnail
ගෝඨාභයගේ කෙරුවාව මෙන්න ?කොවිඩ් කාලයේ සල්ලි අච්චු ගහලා බෙදුවේ
05:43
Video thumbnail
සමූපකාර සමිතිවල වංචා ගැන මහින්ද හෙළිකරයි - රු.1000 නම් අගට බිංදුවක් දාලා රු.10000 කළා
04:26
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38