ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ නීතීඥවරිය රිමාන්ඩ්

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක වශයෙන් නම්කර සිටින නීතීඥවරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

ඒ, අනුව සැකකාරිය ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (27) නියෝග කළේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි තමරා කුමාරි අබේරත්න නම් නීතීඥවරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (27) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ, අදාළ රැඳවුම් නියෝග අවසන් වීමෙන් පසුවයි.

ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා පැමිණි ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට පිස්තෝලය සඟවා රැගෙන ඒමට දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලබා දී ඇත්තේ මෙම නීතීඥවරිය බවයි අධිකරණයේදී කරුණු අනාවරණය වී තිබුණේ.

ඒ අනුව සැකකාර මෙම නීතීඥවරිය 2025 වසරේ ඔක්තෝම්බර් මස 28 වනදා කඩවත ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39