spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්

ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වන සුරත් ඕවිටිගම මහතා පත්කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර නිවේදනය කර තිබෙනවා.

ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා පැවසුවේ සුරත් ඕවිටිගම වසර 20කට වැඩි ජාත්‍යන්තර පළපුරුද්දක් ඇති බලශක්ති ක්ෂේත්‍රයේ වෘත්තිකයෙකු වන අතර එක්සත් රාජධානියේ, නෝර්වේ උතුරු මුහුදේ තෙල් හා ගෑස් අංශයේ සේවය කර ඇති බවයි.

සුරත් ඕවිටිගම මහතා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ නව පත්වීමට පෙර 2020 වසරේ සිට එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කකර තිබෙනවා.

තෙල් සහ ගෑස් ගවේෂණය, අක්වෙරළ බලශක්ති සම්පත් සංවර්ධනය හා නියාමනය කිරීම, හරිත හයිඩ්‍රජන් නිෂ්පාදනය භාවිතය සහ අපනයනය සඳහා ජාතික ප්‍රතිපත්ති මාර්ග සිතියම, ආරක්ෂාව සහ නියාමන රාමුව සැකසීම කඩිනම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම ඔහුට පැවරෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?