spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඛනිජ තෙල් නිෂ්පාදන සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.

එම පනත් කෙටුම්පත සඳහා පක්ෂව ඡන්ද 77ක් ලබුණු අතර විපක්ෂව ඡන්ද 17ක් ලැබුණා.

ඒ අනුව, ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 60කින් අද (18) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

මේ අතර ට්විටර් සටහනක් තබමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සදහන් කර තිබුණේ ඛණිජ තෙල් නිෂ්පාදන විශේෂ විධි විධාන පනත සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතිය අද හිමිවූ බවත් ජාත්‍යන්තර සැපයුම්කරුවන්ට මෙරට බලශක්ති ක්ෂේත්‍රයට ප්‍රවේශ වීමට , ගුවන් යානා ඉන්ධන ආනයන ඒකාධිකාරය ඉවත් කිරීම සහ නව ආයෝජන වෙනුවෙන් අවස්ථා උදා කිරීමට ඇති නීතිමය බාධාවන් ඉවත් වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?