කෝටි 500ක මූල්‍ය වංචාවට ටෙලි නිළිය සමඟ ඇල්ලූ බස්නායක නිලමේ රිමාන්ඩ්

ඉහළ පොළියක් ලබාදෙන බව පවසා “ට්‍රෙරෙඩ්වින් ” නමින් පිරමීඩ මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි 500කට අධික මුදලක් වංචා කළ සැකකරු සහ ඔහු සමඟ අත්අඩංගුවට ගත් ටෙලි නාට්‍ය නිළිය ලබන 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, තරිඳු වීරසේකර නැමැති සැකකරු සහ ටෙලි නාට්‍ය නිළිය කහටගස්දිගිලිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට අද (28) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී සැකකරු ඉල්ලුම් කළ ඇප ඉල්ලීම ද වැඩ බලන මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙම මූල්‍ය වංචාවට සම්බන්ධ සැකකරු පිළිමතලාව ප්‍රදේශයේ සැඟව සිටිය දී පෙරේදා දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාලගත විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සමඟ ඔහුගේ අනියම් බිරිඳ බව කියන නවක ටෙලි නිළිය ද අත්අඩංගුවට පත් වුණා.

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකරු ගුරුවරයෙක් ලෙස කටයුතු කර ඇති අතර, දකුණු පළාතේ ප්‍රසිද්ධ විහාරස්ථානයක බස්නායක නිලමේවරයා ලෙස ද කටයුතු කර ඇති බවයි අනාවරණය වුණේ.

එම තනතුරත් සමඟ ඔහුව ප්‍රදේශවසින් විසින් ‘බස්නායක නිලමේ’ ලෙස හඳුන්වා තිබෙනවා.

සැකකරු විසින් වංචාකරන ලද මුදල් වියදම් කරමින් සැපවත් ජීවිතයක් ගතකර ඇති අතර, දිවයින්නේ විවිධ ප්‍රදේශවලින් දේපළ ද මිලදී ගෙන ඇති බවයි මේ වනවිට අනාවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34