spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

කෝටි දෙකකට ආසන්න විදෙස් දුම්වැටි තොගයක් සමඟ තුනක් STF දැලේ

නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් තිබූ විදෙස් දුම්වැටි තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතකයේ තිබී සොයාගත් දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙකකට ආසන්න බවයි වාර්තා වන්නේ.

වෙරළබඩ පොලිස් වසමේ කොළඹ 10 ප්‍රදේශයේ දී ඊයේ (16) සිදුකළ වැටලීමක දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

ඉතා සූක්ෂම ලෙස හොර රහසේ මෙරටට ගෙන්වා ඇති මෙම විදෙස් දුම්වැටි තොගය දිවයින පුරා බෙදාහැරීමට සූදානමින් සිට ඇති බවයි අනාවරණය වූ ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් තිදෙනා 32 – 45 අතර වයසේ පසුවන බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වෙරළබඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?