කෝටිපති ව්‍යාපාරිකයන්ටත් ආදර්ශයක් දෙමින් බුලත් විට විකුණා උපයන මුදලින් පිං කරගන්නා සුනිල් (PHOTOS)

වර්ෂයක් පුරා බුලත් විට විකුණා ගත් ආදායමෙන් ඉතිරි කරගත් කොටසකින් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වෙසෙන සියක් නමක් භික්ෂූන් වහන්සේලා උදෙසා ජනවාරි පළවෙනිදා දානමය පිංකමක් සිදුකල අපූරු වෙළෙන්දෙකු පොලොන්නරුව මනම්පිටිය ප්‍රදේශයෙන්ව වාර්තා වනවා.

ඔහු නමින් සුනිල් සමරතුංග. 61 හැවිරිදි දෙදරු පියකු වන සුනිල් පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට බුලත්විට විකුණමින් ජීවිතය ගෙනයනවා.

දෛනිකව බුලත්විට විකුණන ඔහු දිනකට රුපියල් දාහක මුදලක් අනිවාර්යෙන් මෙම දානමය පිංකම් සඳහා ඉතිරි කරගන්නා බවයි ඔහු පවසන්නේ.

ඒ අනුව එම මුදල වැය කරමින් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ යෝගාවචර භික්ෂූන් වහන්සේලාට මෙන්ම වැඩ වාසය කරන භික්ෂුන් වහන්සේලාට සහ සාමණේර භික්ෂුන් වහන්සේලාට සපිරිකර සහිත දානමය පිංකම පළවෙනිදා සිදුකරන ද්දේ තම පවුලේ දූ දරුවන් මෙන්ම ඥාති මිත්‍රාදීන් සහ අසල්වාසීන් ද එකතු කර කර ගනිමින්.

තමන් පුවත් කැපීම සඳහා අසල්වාසි පවුල් හතරකට රැකියා අවස්ථා ලබා දී ඇති බවත්. ඔවුන්ද මෙම දානමය පිංකම්ට දායක කර කරගනිමින් විවිධ දුෂ්කරතා මැද දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන සියලු මහා සංඝරත්නයට මෙම දානමය පිංන්කම සිදුකර රටේ සියලු ව්‍යාපාරිකයන්ට ආදර්ශයක් ලබාදීමට තීරණය කළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

B1
B2
B3
B4
B5


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එතුමිය පැතූ රට තවම හැදිලා නෑ..උන්ගෙන් වැඩිදෙන සොරදෙටුවෝ - ගම්මන්පිලගෙන් සැර කතාවක්
01:30
Video thumbnail
භාතිය, නන්දා වෙනුවෙන් තැබූ සංවේදී සටහන - ලංකාවේ සංගීතය කියන්නේ එතුමිය..හරිම කණගාටුයි
01:54
Video thumbnail
ප්‍රවීණ ගායක භාතිය සහ උමාරියා මාලනියට සමුදෙන්න එයි - තවම හිතාගන්න බෑ ඇය නැතිවෙලා කියලා
01:13
Video thumbnail
මාලනිය ගැන කියලා මන්ත්‍රී කොට්ටහච්චි සංවේදී වෙයි - හඬ අපේ සවන්පත්වල රැව් පිලිරැව් දෙනවා
02:13
Video thumbnail
වරායට ලැම්බෝගිනි 14ක් ඇවිත්..මම කියන්නේ නෑ අනුර ලොක්කගේ කියලා ඒවා..
02:43
Video thumbnail
මහා සංඝ රත්නය වඩමවා නන්දා මාලනියට අවසන් කටයුතු කරයි - නැවතත් ජනතා ගෞරවයට විවෘත වෙයි
01:31
Video thumbnail
නිහඬ වූ මාලනියට සමුදෙන්න ඇවිත් රනිල් කිව්ව සංවේදී කතාව - මට මතකයි කලාවට ඇය කළ සේවය
01:39
Video thumbnail
වැලිපැන්නට ගිය නලින්ද විපක්ෂයට කට උත්තර නැති කරයි - දැන් කට්ටිය ඇපපිට නැත්තම් සැකපිට
06:20
Video thumbnail
ආදිත්‍යා වැලිවත්තගේ මුවින් නන්දා මාලනිය ගැන පිටවූ වදන් - අපේ අම්මා කෙනෙක් වගේ - හරිම දුකයි
00:56
Video thumbnail
හැමෝම ඉදිරියේ බණ කිව්ව විපක්ෂ නායක - බලය නැතත් සැබෑ System Change එක අපි කරනවා
14:16