කෝටිපති මැණික් මුදලාලි හිඟමනට වැටුණ හැටි – සැඟව තිබුණ කතාව

දකුණු ප්‍රදේශයේ සිට අසූව දශකයේ ඌව වෙල්ලස්සට පැමිණ කෝටිපති ප්‍රසිද්ධ මැණික් වෙළෙඳ ව්‍යාපාරිකයකු වශයෙන් සමාජ සේවය කරමින් කාටත් උදව් උපකාර කළ පුද්ගලයකු පසුව යාචකයකු සේ වසර විස්සක කාලයක් කඩ පිල් මත දිවි ගෙවමින් සිටියදී දිවියෙන් සමුගත් ශෝචනීය පුවතක් ඉකුත්දා මැදගමින් වාර්තා විය. හික්කඩුව ප්‍රදේශයෙන් වෙල්ලස්සට පැමිණ ඔක්කම්පිටිය ප්‍රදේශයේදී මැණික් ව්‍යාපාරය සහ පවුල් ජීවිතය ආරම්භ කළ හික්කඩුව ලියනගේ දොන් ජයසේන නමැති අසූ හැවිරිදි පුද්ගලයා, බිබිල මැදගම නගරයේ කඩ පිලක් මත මියගොස් සිටියදී නගරවාසීන්ගේ උපහාර මැද අවසන් ගමන් ගියේය‍.

මැදගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රභාත් දිසානායක මහතා කියා සිටියේ,
නගරයේ මියගොස් සිටි පුද්ගලයාගේ මෘත ශරිරය හඳුනා ගැනීමට පවුලේ සාමාජිකයන් සොයා ගැනීමට ද මහත් පරිශ්‍රමයක් දරන්නට වූ බවත්, රෝහලට ගෙන්වාගත් බිරිඳ හා දියණිය කටඋත්තරයක් දීමෙන් පසු කාටත් හොරා දෙදෙනාම රෝහලෙන් අතුරුදන්ව සිටි බවය. මැදගම ප්‍රාදේශීය සභාවේ උපසභාපති ආර්.එම්. කාන්ත බිමල් රත්නායක මහතා මියගිය ජයසේන පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.

“ජයසේන දකුණු පළාත් හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මොහු අසූව දශකයේ මැණික් ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න ඔක්කම්පිටිය ප්‍රදේශයට පැමිණියා. මැණික් ව්‍යාපාරය කරගෙන යද්දී ඉතා කෙටි කලකදි කෝටිපතියකු බවට පත් වුණා. ඔක්කම්පිටිය ප්‍රදේශයෙන්ම විවාහයක් කරගත් ජයසේන ප්‍රදේශයේ පොදු කටයුතු සියල්ලටම විගේම අහිංසක අසරණයන්ට මුදලින් පවා උදව් උපකාර කළා. ආගමික උත්සව, තොරණ ඉදිකිරීම, දන්සල්, අවුරුදු උත්සව සඳහාත් ප්‍රදේශයේ කාටත් මුදලින් උපකාර කළේ ජයසේනයි. ඒ කාලේ ජයසේන මැණික් කීවොත් වෙල්ලස්සේ කවුරුත් ද න්නවා. මැණික් නිසාම මුදලින් පෝෂණය වූ ජයසේන මත්පැන් පානයටත්, සුදු කෙළියේ යෙදීමටත්, තව තව නරක දේවලට රුචිකත්වයක් දැක්වීම නිසා දිනෙන් දින පවුල් ආරවුල් උග්‍ර වීමත් සමග ජයසේන බිරිඳ වයස අවුරුදු තුනේ පසු වූ දියණිය අතහැර දමා තම නිවෙසින් පිටව ගොස් වෙල්ලස්සේ අවන්හල්වල තනිවම කාලය ගෙවමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කළා.

අතේ තිබූ කෝටී ගණනක මුදල් තමාගේ විනෝදය වෙනුවෙන්ම වැය කළ නිසාම කාලය ගෙවී යද්දී ජයසේන ටිකෙන් ටික දුප්පතකු බවට පත් වුණා. මැණික් ව්‍යාපාරයනුත් පරාජයට පත් වූ ඔහු පසුව මැදගම නගරයට පැමිණ සුළු ව්‍යාපාර කටයුතු කළා. එයිනුත් අසරණ වීමෙන් පසු කුලී වැඩ කළා.

පසුව නාටාමි වැඩ කරමින් පොළ භූමියේම කඩ පිල් මත රාත්‍රීය ගත කරන්න හුරු පුරුදු වුණා. ඉන් පසු යාචකයකු සේ වසර විස්සක පමණ කාලයක් මැදගම නගරයේ දිවි ගෙවමින් සිටියදීම පසුගියදා කඩ පිලක් මතම මියගියා. ජයසේන කාගෙත් හිත දිනාගෙන සිටි කෙනෙක්. ඔහු ළග හොඳ ගතිගුණ තිබුණා. මියගිය ජයසේනගේ මරණය බාරගන්න කවුරුත් නොසිටිය නිසා ප්‍රදේශයේ ජනතාව ගෞරවාන්විතව අවසන් කටයුතු සිදු කළා යැයි කාන්ත බිමල් රත්නායක මහතා පැවැසීය.

මැදගම ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් පියදිගම මහතා සහ උපසභාපති ආර්.එම්. කාන්ත බිමල් රත්නායක මහතා ඇතුළු සේවකයන්, මැදගම පොලිසිය හා වෙළෙඳ ප්‍රජාව එක්ව මියගිය ජයසේනගේ දේහය පොළ භූමියේදී මහජන ගෞරවයට තබා නිල්වලාගොඩ විහාරයේ විහාරාධිපති මැදගම චන්ද්‍රාලෝක හිමියන විසින් ආගමික වතාවත් සිදු කරනු ලැබීමෙන් දේහය නගරයේ විදි සංචාරය කිරිමෙන් පසු ආදාහනය සිදු කෙරිණි.

යාචකයෙක් වී අවසන් ගමන් ගිය කෝටිපතියා

  1. Pawulai awurudu thune lamayai dala gihing surasapa vida vids hitya mota hondama vade wela thiyenne. Me bebaddage charithe hondai me wage evunta aadarsheta. mekata me aathmayedeema padisang deela. Ditta dammavadaneeya karme. honda vadee.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00