කෝටිපතියන් රැවැටූ තිළිණි ප්‍රියමාලිගේ තවත් වංචා රැසක් එළියට

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු තිළිණි ප්‍රියමාලී නම් කාන්තාව තවත් ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 7,500ක මුදලක් ලබාගෙන ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී තිබේ.

එම ව්‍යාපාරිකයාගෙන් විමර්ශන නිලධාරීන් අද (07) ප්‍රකාශ ලබාගත් බව වාර්තා විය.අවස්ථා තුනකදී ඔහුගෙන් මුදල් ලබාගෙන ඇති සැකකාරිය ඔහුට නැවත මුදල් ලබාදී නොමැති බව සඳහන් ය.එම ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා සමග සමීප සබඳතාවක් පැවැත්වූ බව කියන සුරූපි රංගන ශිල්පිනියකගෙන් ද සැකකාර කාන්තාව රුපියල් කෝටි 10ක පමණ මුදලක් ලබාගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනාවරණය වී තිබේ.

මීට අමතරව රහත් වූවා යැයි කියන භික්ෂුවක් සමග එක්ව රත්‍රං ලබාදෙන බව පවසමින් සැකකාරිය තවත් ව්‍යාපාරිකයන් රැසක් රටවා ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.රහත් වී ඇති බව කියන එම භික්ෂුව සතුව රත්‍රං ඇතැයි පවසමින් සැකකාරිය එම ස්ථානයට ව්‍යාපාරිකයින් රැගෙන ගොස් රවටා මුදල් ලබාගෙන ඇති බව වාර්තා විය.

තිළිණි ප්‍රියමාලී නම් කාන්තාව පිළිබඳව තවත් කරුණු රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇති අතර සැකකාරිය මේ වන විට රිමාන්ඩ් කර තිබේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46