විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී එච්.එම්. කිර්ති විජේසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ ස්ථානාධිපති විශේෂ මෙහෙයුම් පොලිස් පරීක්ෂක එස්.ඩී.පී.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.09.12 වන දින කැළණිය පොලිස් වසමේ පට්ටිපල, පන්සල පාර, ගෝනවල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී හෙරොයින් ග්‍රෑම් 10 ක්, ජංගම දුරකථනයක් සහ හෙරොයින් ජවාරමින් උපයන ලද මුදල් රුපියල් 45,000 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 39 ක ගෝනවල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කැළණිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. ඉහත අත්අඩංගුවට ගැනීම සම්බන්ධ ව සිදුකරන ලද ප්‍රශ්න කිරිමි වලදි මෙම කාන්තාව කොළඹ හා ඒ අවට නගර කේන්ද්‍ර කරගනිමින් දිර්ඝකාලයක් මුළුල්ලේ මෙිම මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙනගෙස් ඇති බවට කරුණු අනාවරණය කරගෙන ඇත













