කොළඹ වරායේ තදබදයක්

හවුති කැරලිකරුවන්ගේ මිසයිල ප්‍රහාර අවදානම හේතුවෙන් රතු මුහුද ඔස්සේ යාත්‍රා කරන සියලු නෞකා අත්හිටුවීමට බ්‍රිතාන්‍යයේ ෂෙල් සමාගම තීරණය කර ඇතැයි වාර්තා වේ.

හවුති කැරලිකරුවන්ගේ ප්‍රහාර තම කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට තර්ජනයක් බැවින් එය සැලකිල්ලට ගෙන මේ තීරණය ගත් බව බ්‍රිතාන්‍ය ෂෙල් සමාගම ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. ගෝලීය තෙල් සහ ගෑස් හිඟයකට සහ මිල ඉහළ යෑමකට එය හේතු වනු ඇතැයි මීට පෙර ලෝක ආර්ථික සමුළුවේ ප්‍රධානි බෝර්ජ් බ්‍රෙන්ඩි ප්‍රකාශ කර තිබිණි.

ෂෙල් සමාගම රතු මුහුද හරහා සිය නෞකා යාත්‍රා කිරීම අත්හිටුවීමට පෙර පසුගිය සතියේදී බ්‍රිතාන්‍ය තෙල් සමාගම ද රතු මුහුද හරහා සිය නෞකා ගමනාගමනය අත්හිටුවීමට පියවර ගෙන තිබූ අතර, ඊට පසුදිනම කටාර් රාජ්‍යය ද එම පියවර ගනු ලැබීය.

එමෙන්ම එම පහරදීම ආරම්භ කිරීමත් සමග කොළඹ වරාය සංක්‍රමණ ස්ථානයක් ලෙස ​යොදා ගැනීම නිසා තදබදයක් ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

වරායේ පර්යන්ත තුනේ නැව් ගත කිරීමේ කවුළු වැඩි වශයෙන් නැව්ගත කිරීමේ මාර්ග ඉල්ලා ඇති අතර ඉන්දියාවෙන් ප්‍රති නැව්ගත කිරීමේ පරිමාවද වැඩිවී ඇති බවද වරාය අධිකාරිය පෙන්වා දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !