කොළඹ රුසියානු තානාපති කාර්යාලයට බෝම්බ බියක් – ආරක්ෂක අංශත් කැඳවයි

ශ්‍රී ලංකාවේ පිහිටි රුසියානු තානාපති කාර්යාලයේ අද (28) දහවල් බෝම්බ බියක් ඇති වී තිබෙනවා.

ඒ, එම තානාපති කාර්යාලයට පැමිණි විදේශිකයෙකු විසින් තබා ගිය සැකකටයුතු බෑගයක් හේතුවෙන්.

මේ හේතුවෙන් බෝම්බ නිශ්ක්‍රීය අංශය, පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිස් නිල සුනඛ අංශය ද තානාපති කාර්යාලට කැඳවීමට කටයුතු කර තිබුණා.

එහිදී සිදුකළ පරීක්ෂා කිරීමේ දී අදාළ බෑගයේ තිබී ලැප්ටොප් පරිගණකයක් සොයා ගැනීමට හැකි වූ අතර, එය ඉදිරි විමර්ශන සඳහා කුරුදුවත්ත පොලීසිය වෙත රැගෙන යාමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?