කොළඹ – යාපනය සුඛෝපභෝගී බස්රථයක් පෙරළී දරුණු අනතුරක් (ඡායාරූප)

A – 09 ප්‍රධාන මාර්ගයේ කිලිනොච්චි, ඉරණමඩුව ප්‍රදේශයේ දී සුඛෝපභෝගී බස් රථයක් මාර්ගය හරහා පෙරළී ගොස් අද (05) අලුයම 4.45 ට පමණ අනතුරක් සිදුව තිබෙනවා.

කොළඹ සිට යාපනය දක්වා මගීන් ප්‍රවාහනය කළ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම අනතුරෙන් පුද්ගලයින් 22 දෙනෙකු තුවාල ලබා ඇති බවයි කිලිනොච්චිය පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

බස් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් රථය පෙරළි ගොස් ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

තුවාලකරුවන් කිලිනොච්චිය රෝහලට ඇතුළත්කර ඇති අතර, ඒ අතර සිටින කුඩා දරුවෙකුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩිකරලා නඩු ටික කඩිනමින් විසඳනවා
02:30
Video thumbnail
බන්ධනාගාරයේ හිටපු රැඳවියෙක් කළ ආන්දෝලනාත්මකප්‍රකාශයට පොලිස් ඇමති උත්තර දෙයි
07:46
Video thumbnail
වෙන්නප්පුව කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්
00:51
Video thumbnail
හැමෝම එකතුවෙලා බාහිර බලවේග ටික පරාජය කරන්න ඕනේ
08:04
Video thumbnail
ඉන්දීය ධීවර යාත්‍රාවක් ඉරණවිල වෙරළට ගොඩගසයි
01:10
Video thumbnail
මහ රෑම ගමක් උණුසුම් කළ වන අලින්
00:49
Video thumbnail
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික්ව දිවයිනට රැගෙන ආ හැටි
01:01
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02