spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ – යාපනය සුඛෝපභෝගී බස්රථයක් පෙරළී දරුණු අනතුරක් (ඡායාරූප)

A – 09 ප්‍රධාන මාර්ගයේ කිලිනොච්චි, ඉරණමඩුව ප්‍රදේශයේ දී සුඛෝපභෝගී බස් රථයක් මාර්ගය හරහා පෙරළී ගොස් අද (05) අලුයම 4.45 ට පමණ අනතුරක් සිදුව තිබෙනවා.

කොළඹ සිට යාපනය දක්වා මගීන් ප්‍රවාහනය කළ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම අනතුරෙන් පුද්ගලයින් 22 දෙනෙකු තුවාල ලබා ඇති බවයි කිලිනොච්චිය පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

බස් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් රථය පෙරළි ගොස් ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

තුවාලකරුවන් කිලිනොච්චිය රෝහලට ඇතුළත්කර ඇති අතර, ඒ අතර සිටින කුඩා දරුවෙකුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?