spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ – නුවර මාර්ගය වරකාපොළින් අවහිර වෙයි

කොළඹ – නුවර මාර්ගයේ වරකාපොළ – උඩුකුඹුර ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටී තිබෙනවා.

අද සවස පැවති ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මෙම ගස මාර්ගයට කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් මාර්ගයේ රථ වාහන ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී තිබුණා.

ඒ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු විනාඩි 40කට ආසන්න කාලයක් ඇනහිට තිබූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ප්‍රදේශවාසීන් හා පොලිසිය එක් ව ගස ඉවත් කිරීමේ කටයුතුවල නිරත වීම නිසා මේ වනවිට මාර්ගයෙන් ගස ඉවත් කර, ගමනාගමනය සඳහා යළි මාර්ගය විවෘත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?