කොළඹ – නුවර මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමක් ගැන පොලිසියෙන් දැනුම්දීමක්

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලිසිය දැනුම් දෙනවා.

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කඩවත, බණ්ඩාරවත්ත ප්‍රදේශයෙන් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය හරහා අදියර දෙකක් යටතේ (2025.11.01 වන දින සිට 2026.01.31 වන දින දක්වා) පාලමක් ඉදිකිරීමට නියමිතව ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් දන්වා තිබෙනවා.

ඒ අනුව මෙහි පළමු අදියරයේදී කඩවත, බණ්ඩාරවත්ත ප්‍රදේශයෙන් මංතීරු දෙකකින් යුත් කොළඹ සිට නුවර දෙසට ඇති මාර්ගයෙහි එක් මං තීරුවක් වසා දැමීමට කටයුතු කරන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

දෙවැනි අදියර යටතේ නුවර දෙස සිට කොළඹ දෙසට පාලම ඉදිකිරීම් සිදු කරන බැවින් එම කාලය තුළ මංතීරු දෙකකින් යුත් නුවර සිට කොළඹ දෙසට ඇති මාර්ගයෙහි එක් මං තීරුවක් වසා දැමීමට කටයුතු කරනු ඇති.

එබැවින් එක් මං තීරුව බැගින් වසා තබන දිශාවට ක්‍රියාත්මක වන බැවින් මෙම සම්පූර්ණ කාලය තුළ එම මාර්ගයේ වාහන තදබදයක් ඇති වීමට ඉඩකඩ පවතින බවයි පොලිසිය එම මාර්ගය භාවිත කරන රියදුරන්ට සහ මහජනතාවට දැනුම් දෙන්නේ.

ඒ, අනුව එහි ඉදිකිරීම් සිදු කරනු ලබන කාලය තුළ කොළඹ – මහනුවර මාර්ගය භාවිත කරන රියදුරන් හැකිතාක් කඩවත පිටත වටරවුම් මාර්ගය භාවිත කරන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?