කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද පැය 08ක ජල කප්පාදුවක්

අද (20) දිනයේ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.

ඒ අනුව අද (20) පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා පැය 08ක කාලයක් මෙම ජල කප්පාදුව සිදුකරන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

කොළඹ 01 සිට 15 දක්වා සියලුම ප්‍රදේශ, බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ සහ කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල සහ කොලොන්නාව, අයි.ඩී.එච්, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම, දෙහිවල, බොරලැස්ගමුව, මොරටුව, සොයිසාපුර යන ප්‍රදේශවලට මෙලෙස අද දිනයේ ජල කප්පාදුව සිදුකරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?