කොළඹ ක්‍රිෂ් ගොඩනැගිල්ල ගැන අවශ්‍ය කඩිනම් පියවර ගන්න – ඇමති ප්‍රසන්න රණතුංග

මේ වන විට ඉදිකිරීම් කටයුතු අතහැර දමා ඇති කොළඹ ක්‍රිෂ් ගොඩනැගිල්ල සහ අවට වැඩබිම් ප්‍රදේශය ආශ්‍රිතව මහජනතාවට අනතුරක් සිදුවීමේ වැඩි ඉඩකඩක් පවතින බැවින් අවශ්‍ය ආරක්ෂිත පියවර කඩිනමින් ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

යම් ආකාරයකින් අනතුරක් සිදුවුවහොත් මෙහි වගකීම අමාත්‍යාංශය ඇතුළු රජයට පැවරෙන බැවින් මේ සම්බන්ධයෙන් වහාම පියවර ගැනීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා අවධාරණය කරනු ලැබුවා.

නාගරික සංවර්ධන හා නිවාස අමත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ සභාපතීත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී යි අමාත්‍යවරයා විසින් මෙම උපදෙස් ලබා දී ඇත්තේ.

ක්‍රිෂ් ගොඩනැගිල්ල ඉදිකරමින් පැවති ස්ථානයේ සවිකර ඇති ඉදිකිරීම් ආධාරක ඇතුළු උපාංග සුළඟට කඩා වැටී අනතුරු සිදුවීමේ අවදානමක් පවතින බවත්, ජලය එක්රැස්වීම හේතුවෙන් මදුරුවන් බෝවීමේ හැකියාව පවතින බවත් මෙහිදී සාකච්ඡාවට ලක්වුණා.

විශේෂයෙන් මෙම ගොඩනැගිල්ලේ මහල් ත්‍රිත්වයක් පොළොව මට්ටමට පහළින් පැවතීම නිසා එහි වැසි ජලය එක්රැස්ව ඩෙංගු ව්‍යාප්ත වීමේ දැඩි අවධානමක් මතුව ඇති බැවින් අවට ප්‍රධාන පෙළේ සංචාරක හෝටල්වලින් පැමිණිලි ලැබී ඇති බවයි නිලධාරීන් මෙහිදී අනාවරණය කළේ.

ඒ අනුව මෙම ආයෝජකයා සමඟ සාකච්ඡා කර ඉදිකිරීම් කටයුතු නිශ්චිත කාලරාමුවක් තුළ නැවත ආරම්භ කිරීමට අපොහොසත් වුවහොත් අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙනවා. ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් අදාළ ආයෝජන සමාගම සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව නිලධාන් මෙහිදී සඳහන් කර තිබෙනවා.

මීට අමතරව, පළාත් පාලන ආයතනවල මැදිහත්වීමකින් තොරව නාගරික සංවර්ධන අධිකාරියේ අවසරයෙන් පමණක් ගම්පහ සංඝබෝධි විද්‍යාලය ඉදිරිපිට ඉදිකරන ලද නිවාස ව්‍යාපෘතිය මේ වන විට අතරමග අත්හැර දමා ඇති බව කමිටුවේ අවධානයට යොමු වුණා. මෙම නිවෙස්වලට මාර්ග, ජලය සැපයීම, අපද්‍රව්‍ය කළමනාකරණය ඇතුළු යටිතල පහසුකම් ද නිසි පරිදි ලබාදී නොමැති බවයි මෙහිදී හෙළි වූයේ.

විශේෂ ව්‍යාපෘතියක් ලෙස අවසර ලබාදී ඇති මෙම ව්‍යාපෘතිය නියමිත ප්‍රමිතීන්ට අනුව සිදුනොකිරීම නිසා නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව නිලධාරීහු පෙන්වා දෙනු ලැබුවා. පසුගිය මාර්තු මාසයේ පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ද මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා කළ ද ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබදව අමාත්‍යවරයා සිය අප්‍රසාදය පළ කළා. ඒ අනුව, මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගෙන සති දෙකක් ඇතුළත කාරක සභාවට වාර්තාවක් ලබාදෙන ලෙසටයි අමාත්‍යවරයා නියෝග කළේ.

  1. OYA INVESTORS A KIYALA APU EKA BALLEK WATH SATHA PAHAK GENAWE NAHE. EHEMA APU UN MEHE INNA MAHA HORUN GE FACE MAN LA. OWATA INVEST KALEYI APE DUPPATH EPF ETF INSURANCE SALLI. MEWA PENNALA EWA PANNUWA. OKKOMA FUND HINDENAKOTA MUN GANATA KARPUWA STOP KARALA KFACE MAN LA AYE RATA YAWWA. DAN ME YANNE DEWANI PIYAWARA. OWA ARA FUND WALATA AYITHI WENA EKA EWARA KARANA EKA WALAKWANNA HORUNGEMA HOREK DALA MEWA ANATHURUDAYAKAYI KIYALA PAWARA GENA KOLLA KANNA HADANNE. KOHOMADHA ME HORA PADADA BALALLNGEN APE RATA, ARAMUDHAL, DARUWO REKA GANNE. ANE AYE DEWANI ARAGALAYAK ENAWANAM, MUN OKKOMA ME RATIN ANNALA DANA ARAGALAYAK. MEKA THAMAYI MULU RATEMA JANATHAWAGE EKAMA SIHINAYA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී නැගිටලා ආණ්ඩුවට රිදෙන්නම දෙයි - සිරිකොතේ වැසිකිළියේ ඇතුළේ මැදිහත්වීමද ?
11:53
Video thumbnail
නවීනතම ලැම්බෝගිනි 14ක් කටුනායකට
01:06
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපති වෙනුවෙන් හඬනැගූ සජිත් - මන්ත්‍රීලා තර්ජනාත්මක විදියට කතා කළේ
09:52
Video thumbnail
ආණ්ඩුවට ග#ලා එළවන දවස වැඩි ඈතක නෑ
08:48
Video thumbnail
මයික් එක OFF කරපු නිසා සජිත්ට රතු කට්ට පනියි..කවුද දන්නේ නෑ මයික් OFF කරන්න දාලා තියෙන්නේ
02:16
Video thumbnail
NPP ආණ්ඩුව බුද්ධ ධර්මය පිළිගන්නවද..? ගස් ගල්වලට වඳින මිනිස්සු කියලානේ කිව්වේ එයාලා..
00:21
Video thumbnail
අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම නිසා මිනිසුන්ට යකා නගියි ?මේක දැන් සුසාන භූමියක්වෙලා..බැකෝ ගෙනල්ලා කැඩුවා
08:29
Video thumbnail
මහා බැංකුවේ හදිසි තත්ත්වයක් ?හෙලිකොප්ටර්වලින් ඇවිත් මහ බැංකුවට බහියි..ගිනි නිවීමේ රථත් කැදවයි
03:07
Video thumbnail
අධිචෝදනා ලබා දීමෙන් පසු ඇප මත මුදාහැරපු කරන්නාගොඩ සහ යෝෂිත - යෝෂිත හැරිලා මූණත් බලලා යන හැටි
01:33
Video thumbnail
උසාවිවල තියෙන ඇත්තම ප්‍රශ්නය මෙන්න මේකයි
02:43