කොළඹට පැය 14ක ජල කප්පාදුවක්

අද (15) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ, අනුව කොළඹ 01,02,03,04 සහ කොළඹ 07,08,09,10,11,12,13,14,15 යන ප්‍රදේශවලට මෙලෙස ජල කප්පාදුව සිදුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

අද (15) පෙරවරු 08.00 සිට පැය 14ක කාලයක් මෙම ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.