spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොහොල්ලැ බබාගේ කතාව කොහොල්ලැ වලින්ම හදපු කොස් මාමා (වීඩියෝ)

කොස් සහ පොලෝස් වලින් ඉවත දමන ලද කොහොල්ලැ කිලෝ 15 ක් පමණ යොදා ගනිමින් කොහොල්ලෑ “බබා කතාව” නිර්මාණය කිරිමට බලන්ගොඩ නෙල්ලිවල ප්‍රදේශයේ නිර්මානකරැවෙකු සමත් වී තිබෙනවා.

මෙහි නිර්මාණකරු නවරත්න වන්නිනායක වන අතර වසර දෙක හමාරක පමණ කාලයක සිට එකතු කරගත් කොහොල්ලැ යොදා ගනිමිනුයි ඔහු මෙම නිර්මාණය සිදුකර ඇත්තේ.

දැනට වසර 25 කට පෙර 04 ශේණියේ පෙළ පොතක තිබුණ ” කොහොල්ලැ බබා” නැමති කතාව මෙලෙස ඔහු නිර්මානය කරනු ලැබුවා.

මෙම නිර්මාණය සිදුකල නවරත්න වන්නිනායක මහතා මෙසේ කිය –

” මට බොහෝ දෙනා කියන්නේ කොස් මාමා කියලායි.මගේ රැකියාව තමයි කොස් පොලොස් විකිණිම.
මම අලෙවි කරන කොස් පෙලෛා්ස් වලින් ඉවත් කරන කොහොල්ලැ එකතු කලා.
දැනට අවුරුදු විසිපහකට පෙර 04 ශේණියේ පොතක තිබුනා කොහොල්ලැ බබාගේ කතාව. මම මෙි එකතු වෙන කොහොල්ලැ කිලෝ 15 ක් විතර යොදා ගෙන එම කොහොල්ලැ බබාගේ කතාව නිර්මාණය කලා.
ගවයා,නරිය,උගුස්සා, හාවා,වදුරා,රිළවා ,නයා ඇතුළු එම කතාවෙි සිටින සියළුම සත්තු කොහොල්ලැ පමණක් භාවිතා කරල නිර්මාණය කලා.
මෙම නිර්මාණය දැකපු අය ⁣මගෙන් මේක මුදල් වලට ඉල්ලුවා.මම ඒක දෙන්න අදහසක් නැහැ.
මගේ බලාපොරොත්තුව තමයි මෙම නිර්මාණය තවත් ලොකුවට නිර්මාණය කරල ගිනස් වාරිතාවක් තැබිම “

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?