කොස්වතු ඔයේ ගසාගෙන ගොස් තරුණයෙක් අතුරුදන්

කොස්වතු ඔයේ දිය නෑමට ගිය තරුණයින් තිදෙනෙකු අතරින් එක් අයෙක් දියේ ගසාගෙන ගොස් අතුරුදන්ව ඇති බව වාර්තා වනවා.

කොස්වත්ත පොලීසිය සඳහන් කළේ ඊයේ (12) සවස මෙම තරුණයා මෙලෙස දියේ ගසාගෙන ගොස් ඇති බවයි.

මෙලෙස දියේ ගසාගෙන ගොස් අතුරුදන්ව ඇත්තේ හෂාන් සුදේශ් නැමති 22 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

තරුණයින් තිදෙනෙක් වීහේන – පළුවැල්ගාල ප්‍රදේශය හරහා ගලා යන කොස්වතු ඔයේ ඊයේ (12) පස්වරුවේ දිය නෑමට ගොස් තිබෙනවා.

එලෙස දිය නාමින් සිටින අතර තුර එක් තරුණයෙකු දියේ ගසා ගෙන ගොස් අතුරුදහන් වී ඇති අතර, අතුරුදන් වූ තරුණයා සොයා කොස්වත්ත පොලීසිය සහ ප්‍රදේශවාසීන් විසින් මෙහෙයුම් ආරම්භකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?