කොවිඩ් එන්නත් හේතුවෙන් මාතර පාසලක උණුසුම් තත්ත්වයක්

මාතර ශාරිපුත්‍ර ද්විතීයික විද්‍යාලයේ නොසන්සුන් තත්ත්වයක් හටගත් බව අප වාර්තාකරුවන් පවසනවා.

ඒ, එම පාසලේ ක්‍රියාත්මක වූ එන්නත්කරණ වැඩසටහන නිසිලෙස සංවිධානය නොවීම හේතුවෙන්.

බලධාරීන් විසින් 2020, 2021 සහ 2022 වසරේ උසස් පෙළ සඳහා සහභාගී වන සිසුන්ට කොවිඩ් එන්නත් ලබාගැනීම සඳහා පාසලට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණා.

ඒ හේතුවෙන් අදාල වර්ෂ තුනේම සිසු සිසුවියන් පාසලට පැමිණ තිබූ අතර, පසුව පාසලේදී ශබ්ද විකාශන යන්ත්‍රයක් ආධාරයෙන් දැනුම්දුන්නේ 2022 වසරේ අදාළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට එන්නත් ලබානොදෙන බවයි.

ඉන් එහිදී බලධාරීන් හා දෙමාපියන් මෙන්ම සිසුන් අතරද උණුසුම් තත්ත්වයක් ඇතිවු අතර, දෙමව්පියන් සහ දරුවන් සඳහන් කළේ පැය 3ක පමණ කාලයක් රැඳී සිටීමෙන් පසු එලෙස දැනුම්දීමෙන් දැඩි අපහසුතාවයට පත්වූ බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?