කොරෝනා වෛරසය ගැන අසුබ ආරංචියක්

‍සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත දකුණු අප්‍රිකාවේ පැතිර යන කොරෝනා වෛරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු මෙරටින් හඳුනාගෙන තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර කියා සිටියේ නිරෝධායන මධ්‍යස්ථානයක රැදී සිටි ආසාදිතයෙකු මෙලෙස හඳුනාගෙන ඇති බවයි.

මේ අතර, කොරෝනා ආසාදිතවූවන් 397 දෙනෙකු අද දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 83,958ක්.