කොරෝනා වසංගතයෙන් පසු පැමිණි වැඩිම සංචාරකයන් පිරිස ජුලි මාසයේ

පසුගිය පළමු වනදා සිට ඊයේ (27) දිනය දක්වා ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 123,000 ඉක්මවා ගොස් තිබෙනවා.

එය COVID-19 වසංගතයෙන් වාර්තා වූ වැඩිම සංචාරකයන් පිරිස ලෙසටයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවලට අනුව මේ මාසයේ මුල් දින 27 තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 123,503ක්.

පසුගිය මාර්තු මාසයේදී ලොව පුරා සංචාරකයන් 125,495ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා..

සංචාරක සංවර්ධන අධිකාරිය පැවසුවේ ජූලි මාසයේදී වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් බවයි.

මෙම මාසයේ ගතවූ කාලය තුළ ඉන්දීය ජාතිකයින් 20,779 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

එක්සත් රාජධානියෙන් සංචාරකයින් 15,126ක්, චීනයෙන් 8,446ක්, ජර්මනියෙන් 6,842ක්, රුසියාවෙන් 6,374ක්, ප්‍රංශයෙන් 6,166ක්, මාලදිවයිනෙන් 5,800ක්, නෙදර්ලන්තයෙන් 5,755ක් සහ කැනඩාවෙන් සංචාරකයින් 4,960ක් ද මේ මාසයේ පැමිණ තිබෙනවා.

ජූනි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 100,388ක්.

ඒ අනුව මේ වසරේ ගතවූ කාලය තුළ සචාරකයින් 748,377ක් මෙරටට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12