කොරෝනා එන්නත මැති ඇමති පවුල්වලට හොරෙන් විදලා – හේෂා විතානගේ

කැබිනට් ඇමැතිවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ටද ​හොර රහසේ එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී​ හේෂා විතානගේ පවසයි.විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙම චෝදනාව එල්ල කලා.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“පෙරේදා (16 වැනිදා) තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ එන්නත ලබාදෙන්න කියලා නිල වශයෙන් කිව්වේ. මේ එන්නත ලබාගන්න ආපු අයගේ නම් ජනමාධ්‍ය පෙන්නුවා. නමුත් කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් උදය ගම්මන්පිල මහත්තයාගෙන් අහනවා ‘ඔබතුමාත් මේක ලබාගත්තද?’ කියලා. එතුමා කියනවා ‘ඔව්’ මම ලබාගත්තා කියලා. හැබැයි මාධ්‍ය මගින් කියපු ලැයිස්තුවේ එතුමාගේ නම තිබුණේ නැහැ. ඒ නිසා අපි අනුමාන කරනවා මේ වෙනකොට කැබිනට් ඇමැතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වල බිරින්දෑවරුන්ට සහ ළමයින් ​හොර රහසේ මේක ලබාගෙන තියෙනවා කියලා. මාධ්‍යට හෙළිකරන ලැයිස්තුවේ මේ කට්ටියගේ නම් නැහැ. මේක සදාචාරාත්මකද? ඒ නිසා ප්‍රභූවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට හොර රහසේ එන්නත ලබාදීමේ ක්‍රියාවලියෙන් ආණ්ඩුව ඉවත්විය යුතුමයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?