කොරෝනා එන්නත ගත් ලොව පළමු පිරිමි පුද්ගලයා ජීවිතයෙන් සමුගනී

කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා එන්නත් වෛද්‍ය භාවිතය සඳහා නිකුත් කිරීමෙන් අනතුරුව එය ලබාගත් පළමු පිරිමි පුද්ගලයා වන විලියම් ශේක්ස්පියර් හෙවත් “බිල්” ඊයේ (25) දිනයේ දී සිය ජීවිතයෙන් සමුගෙන තිබේ.

ලෝකයේ වසංගතය සඳහා පළමුවරට භාවිතයට ගත් මෙන්ම පළමුවරට සාර්ථක වූ එන්නත වන ෆයිසර් එන්නත ලබාගත් පළමු පුද්ගලයා වන්නේ ද විලියම් ය.

ලෝකයේ කොරෝනා සඳහා එන්නත්කරණය ආරම්භ කළ පළමු රට වන්නේ බ්‍රිතාන්‍යය වන අතර බ්‍රිතානයේ කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලීය රෝහලේ දී විලියම් හට එන්නත ලබාදී තිබුණි.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී ඔහු විසින් කොරෝනා එන්නත ලබාගත්තේය.

විලියම් ඉතිහාසයට එක්වන්නේ ලෝකයේ වසංගතයක් වෙනුවෙන් දියත් කරන ලද දැවැන්තම එන්නත්කරණ ගෝලීය වැඩසටහනේ පළමු පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු ලෙසයි.

විලියම් මිය යන විට 81 වැනි වියේ පසු වූ අතර ඔහුගේ මරණයට හේතුව අයහපත් සෞඛ්‍ය තත්ත්වය බවට අනාවරණය වී තිබේ.

විලියම් සමඟ එන්නත ගත් අනිත් තැනැත්තා වන්නේ මාග්‍රට් කීනන් නම් 91 හැවිරිදි කාන්තාවයි.

ඇය කොරෝනා එන්නත ගත් ලෝකයේ පළමු පුද්ගලයා ලෙස ඉතිහාසයට එක්වී සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
3
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09