AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනාවෙන් වැඩිපුරම මැරෙන්නේ අඩු ආදායම් ලාභීන්.

අවිධිමත් ආදායම් ලබන පුරවැසියන් රැකීමට දින දහයක් රට වසා තැබීම කළ නොහැක්කක් යැයි ආණ්ඩුව කරන ප්‍රකාශ පිළිගත නොහැකි බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීය වේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.

වසංගතයෙන් බේරීමට රට වසා නොදැමීම තුළ බරපතළ පීඩාවට ඔවුන් ලක්වන බවත් රට වසා දැමූවත් නොදැමුවත් අඩු ආදායම් ලාභීන්ගේ ආදායම සුරක්ෂිත වී නැති බවද ඒ මහතා පෙන්වා දෙයි.

දැනට රෝහල්ගතව අපහසුතාවයට පත් වන්නේත්, දැඩි සත්කාර ඒකක ඇඳන් නැතිව මිය යන්නේත් වැඩි ප්‍රමාණයක් අඩු ආදායම්ලාභීන් බවද ඒ මහතා පැවසීය.

වෛරස කාණ්ඩයේ පැවැත්ම ඛණ්ඩනය කිරීමට නම් රට වසා දැමීමක් අනිවාර්යෙන්ම කළ යුතු බවද ඔහු තවදුරටත් පැවසීය.

අද දිනය තුළ රට වසා දැමීමේ තීරණය ආණ්ඩු විසින් නොගතහොත් වෘත්තිය සමිති විසින් එළඹෙන සදුදා දින සිට රට වසා දමන බව ඔහු තවදුරටත් කීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?