කොරළවැල්ල මුහුදු තීරයට ආ අමුතු වස්තුව

මොරටුව – කොරළවැල්ල ශ්‍රමදාන මාවත ප්‍රදේශයේ වෙරළ තීරයට නාඳුනන වස්තුවක් දියඹේ තිබියදී ධීවරයින් විසින් ගොඩබිමට රැගෙන විත් තිබෙනවා.

අද (25) උදෑසන මෙම අමුතු වස්තුව වෙරළ තීරයේ දක්නට ලැබුණා.

මේ පිළිබඳව ධීවරයන් විසින් මහ නගර සභාවේ ගිනි නිවන පාලක නිලධාරිවරයාට හා පොලිසියට ද දැනුම්දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව ද දැනුවත් කර ඇති අතර මෙම වස්තුව නාවික කටයුතු සඳහා භාවිත කරන බෝයාවක් යැයි සැක කරන බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.

මෙය දත්ත රැස් කිරීම සඳහා භාවිතා කරන සාගර විද්‍යාත්මක හෝ කාලගුණ විද්‍යා බෝයා වර්ගයක් ලෙස නිරීක්ෂණය වන බව ද පැවසෙනවා.

එහි මතුපිට බහු සූර්ය පැනලවලින් සමන්විත වන අතර එමඟින් එහි අභ්‍යන්තර උපකරණ සහ සම්ප්‍රේෂකවලට බලය ලබා දෙනු ලබන ජල උෂ්ණත්වය, ධාරා හෝ කාලගුණ රටා වැනි තත්ත්වයන් නිරීක්ෂණය කිරීම සඳහා ජල‍ය මතුපිට පා වීමට, සමහර විට නැංගුරම් ලා තැබීමට ද යොදා ගන්නා බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
18
+1
4
+1
37
+1
18
+1
5
+1
6
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රීපෝෂවලට කැමති හැමෝටම සුබ ආරංචියක්..ත්‍රීපෝෂ නිෂ්පාදනය ‍යළි අරඹයි..
02:34
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුවට හොඳම එකෙන් දෙයි..එක පාරක් සජබේ අපිට ඡන්දේ දෙන්න අපි මේ රට ගොඩ දාලා පෙන්නන්නම්..
01:53
Video thumbnail
මිල වැඩි කිරීම නිසා ජනතාවගේ රතු කට්ට පනියි..මෙයාලගේ කයිය විතරයි වැඩ බැහැ..කොච්චර සනීපද ?
02:44
Video thumbnail
අනුර ඇවිත් අපිට හොඳටම කළා..බොරුවනේ කළේ තනිකරම
00:59
Video thumbnail
ඩීසල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු බඩුත් එක්කම කුදලන් එයි
01:20
Video thumbnail
අනුර ඇවිත් අපිට හොඳටම කළා..බොරුවනේ කළේ තනිකරම..කළමනාකරණය ගැන මං සෑහීමකට පත්වෙනවා
04:28
Video thumbnail
තෙල් මිල වැඩිවීම නිසා ධීවරයින්ට නහුතෙටම තදවෙයි..කොහෙදෝ යන යුද්දයක් මෙයාලා දාගෙන ඉන්නේ..
02:05
Video thumbnail
ඩීසල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු බඩුත් එක්කම කුදලන් එයි
03:37
Video thumbnail
"තෙල් ගණන් ගිය එකට කමක් නෑ..මේකට ආණ්ඩුවට දොස් කියන්න බෑ"ඉන්ධන වැඩිවීම ගැන ජනතාව කිව්ව දේ
01:26
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීම නිසා ඛනිජ තෙල් වෘත්තීය සමිතිවල රතු කට්ට පනියි..ආණ්ඩුව සහ CPC එක වග කියන්න ඕනි
09:20