AFC Banner
AFC Banner
Empty Ad

කොන්දොස්තර නිසා මගී ජීවිත බේරෙයි (ඡායාරූප)

වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ කිතුල්කොටේ ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදු වී තිබෙනවා.

කටුනායක සිට මොණරාගල දක්වා ධාවනය වෙමින් තිබූ මෙම බස් රථයේ රියදුරු ට එක් වරම හටගත් අසනීප තත්වයක් හේතුවෙන් ඔහුගේ පාලනයෙන් මිදී බස් රථය මාර්ගයේ ඉදිරියටම වේගයෙන් ධාවනය වී ඇති බවයි හෙළිවී ඇත්තේ.

වහාම ක්‍රියාත්මක වූ බස් රථයේ කොන්දොස්තරවරයා බස් රථයේ තිරිංග ක්‍රියාත්මක කර වේගය අඩාල කර ගනිමින් නතර කර ගැනීමට සමත් වී තිබෙනවා.

අනතුර සිදු වන අවස්ථාවේ බස් රථය තුල විශාල පිරිසක් සිට ඇති අතර අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදු වී නැහැ.

බස් රථයේ රියදුරා රෝහල් ගත කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
4
+1
1
+1
2
+1
2
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?