කොදෙව්වන් හමුවේ ඉන්දියාවට තියුණු පරාජයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබැගෝ හිදී පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 04ක තියුණු ජයක් හිමිකර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හැකියාව ලැබුණා.

තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් කොදෙව්වන් නියමිත පන්දු වාර 20 තුළ කඩුලු 06කට ලකුණු 149ක් රැස් කළා.

ලකුණු 150ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 146ක් පමණයි.

පළමු තරගයෙන් ඉන්දියාව පරාජයට පත් වූ නමුත් නායක හර්දික් පාණ්ඩ්‍යා පැවසුවේ තරගයෙන් ගත හැකි ධනාත්මක කරුණු කිහිපයක් ම තිබෙන බවයි.

මේ අතර සිය මංගල ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කළ ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනාගේ දස්කම් දිරිගන්වන සුලු බව ද පාණ්ඩ්‍යා මෙහිදී සඳහන් කළා.

පිතිකරු තිලක් වර්මා සහ වේගපන්දු යවන ක්‍රීඩක මුකේෂ් කුමාර් මෙම තරගයේ දී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් හිමිකර ගත්තා.

කොදෙව්වන් ලැබූ මෙම ජයත් සමඟ තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග එකට බින්දුවක් ලෙස පෙරමුණ ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14