spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

“කොණ්ඩා මෝස්තර වෙනස් වෙනවා,පච්ච කොටනවා” මහේල වත්මන් ශ්‍රී ලංකා තරුව, ලසිත් මාලිංගට සංසන්දනය කළේ මෙහෙමයි

හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු සම්බන්ධව විශේෂ ප්‍රශංසාවක් කර තිබූ අතර, ඔහුගේ තරඟකාරිත්වය ලසිත් මාලිංග සමඟ සංසන්දනය කිරීමක් ද සිදුකර තිබෙනවා.

මහේල විසින් මෙලෙස ලසිත් මාලිංග සමඟ සංසන්දනය කර ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගයි.

ICC Review වෙත අදහස් දක්වමින් හිටපු ක්‍රීඩක මහේල ජයවර්ධන මෙම අදහස් පළකර තිබෙනවා.

එහිදී මහේල පවසා සිටියේ මෙවැන්නක්..

“පසුගිය මාස 12 තුළ, ඔහු පන්දු යවන්නෙකු ලෙස පමණක් නොව පිත්තෙන්ද කෙතරම් පරිණතද යන්න පෙන්නුම් කරලා තියනවා. වනිඳුගේ පිබිදීම හරියට ලසිත් මාලිංගගේ වගේ, ඔවුන්ට සමාන හැසිරීම් තියනවා. ඔවුන් දෙදෙනාම එළියට ආපු විදිහ එක වගේ, ඔවුන් දෙදෙනාම නිහඬව වෘත්තීය දිවිය ආරම්භ කළා. දෙදෙනාම ටිකෙන් ටික වර්ධනය වුණා. කොණ්ඩා මෝස්තර වෙනස් වුණා, පච්ච කෙටුවා, හැමදේම වෙනස් වුණා.හසරංගගේ දියුණුව ලසිත් මාලිංගගේ දියුණුවට බෙහෙවින්ම සමානයි. වනිඳු ක්‍රීඩකයෙක් ලෙස පිබිදුණු ආකාරය මම දකින්නේ එහෙම, වැදගත්ම දේ තමයි ලසිත් මාලිංග වගේම වනිඳුත් හතරේ සීමාව තරණය කළ පසු තරගකාරී ක්‍රීඩකයෙක්. මම ඔහුට ආදරය කරන්නේ ඒකයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?