කොටදෙණියාව පහරදීමේ සිද්ධියට දේශපාලන මැදිහත්වීම සහ ලේකම්ගේ තවත් චණ්ඩි පාට් සාක්ෂි සහිතව හෙළිවෙයි – Exclusive

වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් මේ අවනඩුව.

මේක පැරණි කියමනක් වුණාට අතීතයටත් වඩා මේ කතාවට සාධාරණයක් ඉටු වෙලා තියෙන්නේ වර්තමානයේදී.

පසුගිය දවසක කොටදෙණියාව සමූපාකාර ඉන්ධන පිරවුම්ලේදී පහරදීමක් සිදුවෙනවා.

වහලා තිබුණු ඉන්ධන පිරවුම්හල දවස් තුනක ඉදන් පෝලිමේ ඉන්න මිනිස්සු ඉද්දි විවෘත කරලා රාජ්‍ය ඇමතිවරයෙකුගේ ලේකම්වරයෙක් ඉන්ධන ලබාගන්නවා.

තමන් දුක් මහන්සියෙන් එදාවේල හරිහම්බ කරගන්න තමන්ගේ වාහනේට ඉන්ධන ලබාගන්න පෝලිම්වල මිනිස්සු දුක් විදිද්දි බීමතින් පැමිණි මේ ලේකම්වරයා සහ පිරිසට ඒ මිනිස්සු විරුද්ධ වෙනවා.

දේශපාලන හයිය භාවිත කරමින් අදාල ලේකම්වරයා සහ මැර පිරිස පෝලිමේ සිටි මිනිසුන්ට එළව එළවා පහරදෙන්නේ අපේ රටේ දේශපාලකයාගේ සැබෑ තත්ත්වයද මිනිසුන්ට නැවත වරක් සිහිපත් කරමින්.

කොහොම වුණත් මේ වනතුරුත් ඔහු අත්අඩංගුවට ගෙන නැහැ.

කොටදෙණියාව ස්ථානාධිපතිවරයා නීතිය අකුරට ඉටු කරන තම රාජකාරිය දේවකාරිය සේ සලකා කටයුතු කරන නිලධාරියෙක් බව එම ප්‍රදේශයේ සියළු දෙනාම දන්නා කරුණක්.

හැබැයි ඔහුට නීතිය හරිහැටි ක්‍රියාත්මක කරන්න දේශපාලන අධිකාරිය ඉඩ ලබාදෙන්නේ නෑ..

එයට සාක්ෂි සහිතව අප තවත් ස්වල්ප මොහොතකින් රට හමුවේ හෙළිකිරීමට සූදානමින් සිටිනවා.

ඒ වගේම මෙම සිදුවීම ඇතිවූ දිනයේදීම අදාල ලේකම්වරයා බඩල්ගම පොලිසියට ගොස් තිබෙන්නේ රාජ්‍ය අමාත්‍යවරයාගේ හිතවතෙකුගේ වැලි ජාවාරමක් පොලිසිය විසින් කොටුකර ගැනීමෙන් පසුවයි.

පොලිස් ස්ථානයටම ගොස් අත්අඩංගුවට ගැනීම සිදුකළ නිලධාරීන්ටද පරුෂ වචනයෙන් අදාල ලේකම්වරයා බැන වැදී තිබෙනවා.
ඔහු මෙලෙස නීතියට පවා බලපෑම් කිරීමට ඇති හයිය කුමක්ද..?

පොලිසිය භාර ඇමතිතුමනි, පොලිස්පතිතුමනි, මෙම ලේකම්වරයා රාජකාරියට බාධා කිරීම් සිදුකර ඇති බව අප අද තවත් සුළු මොහොතකින් රට හමුවේ තබන හඩපට සහ සාක්ෂිවලින් මනාවට පැහැදිලි වේ.

එලෙස පොලිසියට පැමිණ පොලිස් නිලධාරීන්ට තර්ජනය කිරීමක් සිදුකරද්දීත් ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකි තරමට පොලිස් නිලධාරින්ට දේශපාලඥයන්ගෙන් අතගැසීම් සිදුවීම ලැජ්ජා සහගත කරුණකි.

එක රටක් එක නීතියක් තිබෙනවා කියලා මෙම සිදුවීම්වලින් තවදුරටත් පැවසිය හැකිද..?
නීතිය හරිහැටි ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන ස්ථානාධිපතිවරුන්ට පවා අවසානයේදී අත්වන්නේ දුර පළාතකට ස්ථාන මාරුවීම් ලබාගැනීමටයි.

යහපත් රටක්, යහපත් සමාජයක් ගොඩගැනීමට බුදුන් පය තිබූ අපේ මේ සුන්දර රටේ ඔබේත් අපේත් දරුවන්ට සුරක්ෂිත ලෙස ජීවත් වීමට සුදුසු ලෙස ගොඩ නැගීම හෘද සාක්ෂියක් ඇති අපගේ වගකීමක් නොවන්නේද..?

කොන්දක් ඇති මාධ්‍යයක් අපේ රටේ තිබෙනවාද යන්න පොලිස් නිලධාරීන් පවා අද විමසන්නේ ඇතැම් මාධ්‍ය මෙවැනි සිදුවීම් ගැන නෑසුනා සේ සිටිනා බව එම නිලධාරීන්ද දන්නා නිසාවෙන් වියයුතුය.

අපේ රටේ නීතියට දේශපාලන බලපෑම සිදුවන අයුරු තවත් ස්වල්ප මොහොතකින් අපි රට හමුවේ සාක්ෂි සහිතව හෙළි කිරීමට සූදානම්..

https://www.youtube.com/watch?v=_OSg_LvPROE
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැට් කරන්න විකට් එක දෙන්න එපැයි..අරකේ මහත් හොරු මේකේ හැකර් හොරු
04:15
Video thumbnail
සොරාට මිනිස්සු එකතුවෙලා මහ පාර මැද තියලා කරපු දේ
00:44
Video thumbnail
සොරාට මිනිස්සු එකතුවෙලා මහ පාර මැද තියලා කරපු දේ - සොරා මිනිස්සු ඉස්සරහා හඬා වැටෙයි
01:13
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.16
01:00:38
Video thumbnail
වසර 42 කට පසු කලාවැවේ ජල කාන්දුව වසන්න සුසිල් යයි
01:54
Video thumbnail
ත්‍රීරෝද රථයක් උඩට පයිනස් ගසක් වැටී සිදුවූ බිහිසුණු අනතුර
01:33
Video thumbnail
අවු:76ක සා#ඵය ගැන රාජිත ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න අමතයි..මේක සා#ඵයක්ද ?
11:18
Video thumbnail
පාස්කු ප්‍ර#රය ගැන රාජිත කළ ප්‍රබල හෙළිදරව්ව - ස##න්ලා මැ#න්නේ නෑ ගෝඨාභයලා බලයට ගේන්න
05:49
Video thumbnail
රනිල් - අනුර අතර සාකච්ඡාවක් තිබුණද ? - රනිල් අනුරට ගොඩක් උදව් කළා
02:07
Video thumbnail
ඉස්සර නාමල්ට වඩා දැන් නාමල් හරි පරිණතයි..මහින්ද කරපු දේම කරන්නේ - නාමල් ගැන හොඳ කිව්ව රාජිත
03:02