spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෘෂිකාර්මික භාණ්ඩවල වැට් බදු නිදහස් කිරීම ගැන නැවත සලකා බලන්න (ඡායාරූප)

වෛද්‍ය උපකරණ, ගිලන්රථ, ළමුන් සඳහා අධි ප්‍රෝටීන් කෘෂි ආහාර සහ කෘෂිකාර්මික භාණ්ඩ වැට් බදු නිදහස් කිරීම ගැන නැවත සලකා බලන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා.

ආනයනය කරන ලද වාහන 119ක් රේගුවෙන් නිෂ්කාශනය කිරීමට ඇති ප්‍රතිපාදන පිළිබඳ ව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවෙන් මුදල් අමාත්‍යාංශයට උපදෙස් ලැබී තිබෙනවා.

VAT බදුවලින් නිදහස් කිරීම් UBER සහ PickME ගාස්තුවලට බලපාන්නේ නැති බව ද මෙහිදී COPF අනාවරණය කෙරුණා.

රජ‍යේ මුදල් පිළිබඳ කාරක සභාව, ඇතැම් භාණ්ඩ සඳහා වැට් බදු නිදහස් කිරීම් ඉවත් කිරීම අරමුණු කරගත් සහ සරල කළ වැට් (SVAT) ක්‍රමය අත්හිටුවීමේ විධිවිධාන ඇතුළත් එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සැලකිල්ලට ගත් බව ද වාර්තා වනවා.

අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරියෙකු සඳහන් කළේ, කලින් නිදහස් කර ඇති පරිදි ලැයිස්තුගත කර ඇති කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සහ රසායනික පොහොර ඇතුළු අනෙකුත් උපකරණ එම පනත් කෙටුම්පත යටතේ වැට් බද්දට යටත් වන බවයි.

Public Finance 20231128 1
Public Finance 20231128 2
Public Finance 20231128 3
Public Finance 20231128 4
Public Finance 20231128 5
Public Finance 20231128 6
Public Finance 20231128 7
Public Finance 20231128 8
Public Finance 20231128 9
Public Finance 20231128 10 2
Public Finance 20231128 11
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?