කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ප්‍රෝටීන් බහුල සෝයා යෝගට් විශේෂයක්

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නව එළවළු ප්‍රභේද දෙකක්, බිම්මල් නව ප්‍රභේදයක් සහ සෝයාවලින් නිෂ්පාදිත සෝයා යෝගට් විශේෂයක් හදුන්වා දී තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව විසින් තක්කාලි හා බෝංචි එළවළු සඳහා වැඩි අස්වැන්නක් ලබාගත හැකි, එමෙන්ම ජාත්‍යන්තර වෙළෙදපොලට පවා උචිත නව ප්‍රභේද දෙකක් සහ නව බිම්මල් ප්‍රභේදයක් ද හදුන්වා දී ඇති බවයි වාර්තා වුණේ.

මීට අමතරව ඌණ පෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ පෝෂණ තත්ත්වයන් නංවාලිය හැකි ප්‍රෝටීන් බහුල සෝයාවලින් නිෂ්පාදිත යෝගට් විශේෂයක් ද එම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ කණ්ඩායම් විසින් නිපදවා තිබෙනවා.

මෙම නව හදුන්වාදීම ජනගත කිරීම පසුගියදා ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණා.

මෙලෙස හඳුන්වා දුන් Hordi Bean 03 නමින් හැදින්වෙන බෝංචි විශේෂය වැඩි අස්වැන්නක් ලබා දෙන දිවයිනේ සෑම ප්‍රදේශයකම වගා කළ හැකි බෝංචි විශේෂයක්.

මෙම නව බෝංචි ප්‍රභේදය මඟින්හෙ ක්ටයාර් එකකට මෙට්‍රික් ටොන් 27ක අස්වැන්නක් ලබා ගත හැකි බවයි කෘෂි නිලධාරීන් සඳහන් කළේ.

එමෙන්ම හඳුන්වා දුන් Hordi පොකුරු තක්කාලි ප්‍රභේදය ඝණ ඵලාවරණයක් පැවතීම හේතුවෙන් අනෙකුත් තක්කාලිවලට වඩා ආරක්ෂිතව තබා ගැනීමේ කාලය වැඩි වනවා.

මීට අමතරව සෝස් හා ජෑම් නිෂ්පාදන සදහා ඉතාමත් උචිත වන අතර ආහාර පාරිභෝජන ආකර්ශණය සඳහා ඉතාමත් උචිත තද රතු පැහැයකින් යුක්ත බව මෙය හඳුන්වා දුන් පර්යේෂණ නිලධාරීන් පැවසුවා.

ඇමරිකන් ඔයිස්ටර් හා ඇබලෝනි බිම්මල් ප්‍රභේද දෙක මිශ්‍ර කිරීමෙන් Hordi Musgroom Curly නැමති නව බිමිමල් ප්‍රභේදයක් ද නිපිදවා ඇති ඇති අතර ඒවායේ ප්‍රෝටින් බහුල බව සඳහන්.

පළමුවරට සෝයා ආශ්‍රිතව නිපදවන ලද සෝයා යෝගට් ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මෙහිදී හදුන්වා දී තිබෙනවා.

ඌණ පෝෂණයෙන් පෙළෙන දරුවන්ට අවශ්‍ය ප්‍රෝටීන් ලබාදීම සඳහා ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් සහිත මෙම සෝයා යෝගට් රුපියල් 20ක් වැනි මුදලකට අලෙවි කළ හැකි බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න - "වතුර නැද්ද..වතුර කෑන් එක ගෙනින් කොල්ලෝ"
01:25
Video thumbnail
ආබාධිතබාවය කියන්නේ ආබාධයක් නෙවෙයි - අපි කතා කරන්න ඕනි හැකියා ගැන..ආදායම් නොලබන අය 70%ක්
13:20
Video thumbnail
හොර ඡන්ද දැමීම අතීතයට ගැළපෙන ක්‍රියාවලියක් - සූක්ෂම පියවර ගන්න නිසා නොමැකෙන තීන්ත ඕනි වෙන්නේ නෑ
07:23
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57