කෘමිනාශක හා වල්නාශක මිල ගණන් අඩු කිරීමට සමාගම් එකඟ වෙයි

මෙවර යල කන්නයේ දී කෘමිනාශක හා වල්නාශක මිල ගණන් අවම කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අද (03) පැවැත් වුණා.

යල කන්නයේ දී මෙරට අලෙවි කරන සියලුම කෘමිනාශක හා වල් නාශකවල මිල ගණන් ගොවි ජනතාවට දැනෙන මට්ටමකින් අඩු කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා මෙහිදී ඉලීමක් කර සිටියා.

ලෝක වෙළෙඳපොළේ කෘමිනාශක හා වල්නාශක මිල ගණන් අවමවීම, ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම හා ආනයනය අවශ්‍යතා සඳහා රජය විසීන් ඩොලර් නිදහස් කිරීම වැනි කටයුතු හේතුවෙන් ඒවායේ මිල ගණන් අඩු කළ හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

එම කරුණු සැළකිල්ලට ගනිමින් සියලුම වල් නාශක හා කෘමිනාශකවල මිල ගණන් සියයට 20කින් අඩු කිරීමටත්, ඇතැම් පළිබෝධනාශකවල මිල ගණන් සියයට 40ක් දක්වා සහන මුදලකට ලබාදීමටත් පළිබෝධ නාශක අලෙවි කරන සියලුම සමාගම්වල එකගත්වයමෙහිදී පළ වුණා.

මේ අතර පළමුවරට මෙම වර්ෂයේ යල කන්නයට පසුව අමතර කන්නයක් වගා කිරීමට ද තීරණය කර ඇති බැවින් අලෙවි කරන වල් නාශක හා කෘමිනාශක ප්‍රමාණය වැඩිවන නිසා සමාගම් මගින් ලබාදිය යුතු සහන වැඩි කරන ලෙසත් මෙහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා, ගොවිජන කොමසාරිස් ජනරාල්වරයා, පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයා මෙන්ම අප රටට පළිබෝධ නාශක අලෙවි කරන සියලුම සමාගම්වල නීයෝජිතයින් ද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තද වැසි තත්ත්වය හෙට දිනයේ සිට සාපෙක්ෂව අඩුවෙයි - අද 75mm වැඩි තද වැසි ඇතිවෙයි
02:23
Video thumbnail
උණුසුම්වූ පල්ලන්සේන බන්ධනාගාරයෙන් මාරුකළ රැඳවියන්ගේ නම් ප්‍රසිද්ධ කරයි
02:12
Video thumbnail
නාමල්, සාගර ගැන කට අරියි - කන්ටේනර් පන්නලා ජනතාවගේ ජීවන වියදම අඩු කරනවද ?
06:56
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය හිනාවෙවී ලොකු කතාවක්
07:40
Video thumbnail
රනිල් වාළුකාරාම විහාරයට ගිහින් කළ කතාව - ඉතා අමාරු කාලයක තමයි අපි වැඩ කටයුතු කළේ
04:23
Video thumbnail
විභාග වංචාවන්ට සම්බන්ධ කටයුතු නම් කරන්න එපා ! - උසස් පෙළ විභාගය ගැන විශේෂ ප්‍රකාශයක්
22:22
Video thumbnail
ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක් - කිසිදු දෙමාපියෙකුට මධ්‍යස්ථානයට එන්න බැහැ
06:20
Video thumbnail
සජිත්ගෙන් විශේෂ ප්‍රතිඥාවක් - අප පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය සුරක්ෂා කරනවා
03:36
Video thumbnail
එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන් අපිට - පශු වෛද්‍යවරුන්ගේ විශාල හිඟයක් තියෙනවා
08:49
Video thumbnail
පාස්කුවට සමාන කරලා දිට්වා ගැන හෙළිකරපු දේ - දැන් රාජ්‍ය නිලධාරින්ට ම#ණ දඬුවම් කන්න වෙලා
07:25