සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන ඌරුජුවාගේ සමීපතමයෙකු හංවැල්ල, දිද්දෙනිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘කූඩැල්ලා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන 27 හැවිරිදි වියේ පසුවන අයෙක්.
මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී තියුණු ආයුධයක් සහ මත්ද්‍රව්‍ය ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
දිද්දෙනිය ප්‍රදේශයේ කුලී පදනමට ලබාගත් නිවසක රැඳී සිටිය දී මොහු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි පොලිසිය සඳහන් කළේ.
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක්, සිම් කාඩ්පත්, ජංගම දුරකථනයක්, කුඩා තරාදියක්, බැංකු කාඩ්පත් 09 ක් සහ තියුණු ආයුධයක් සැකකරු සන්තකයේ තිබී සොයාගත් දෑ අතර වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
6
+1
1
+1
+1
+1
1













