කුෂ් සමග අත්අඩංගුවට ගත් රුසියානු ජාතිකයන් රිමාන්ඩ්

කුෂ් නැමති මත්ද්‍රව්‍ය සෑදීමට උපයෝගී කරගන්නා ගංජා තවානක් ඉතා සූක්ෂම ආකාරයෙන් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදේශිකයන් 4 දෙනා ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

හබරාදුව පොලිසිය ඊයේ (03) රාත්‍රි කළ වැටලීමකදී යි කිලෝ 16ක ගංජා තොගයක් සමග සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ.

සැකකරුවන් අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 13 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය නියෝග කළා.

මෙම රුසියානු ජාතිකයන් හතරදෙනා විලා තුනක මෙම ගංජා වගාව කරගෙන ගොස් ඇති අතර ඔවුන් වයස අවුරුදු 21ත් 46ත් අතර වයස්වල පසුවන්නන් බව සඳහන්.

හීනටිගල තල්පෙ සහ පිටිදුව යන ප්‍රදේශවල සංචාරක නිවාස තුනක කාමර තුළ හිරු එළියට සමාන විදුලි ආලෝකය යොදා ගෙන වගාවට අවශ්‍ය ජලය නවීන තාක්ෂණ ක්‍රම ඔස්සේ ලබා ගනිමින් නවීන ක්‍රම ඔස්සේ මෙම ගංජා වගාව වායුසමනය කළ කාමර තුළ ම පවත්වාගෙන ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

විදේශිකයන් දෙදෙනකු එක ස්ථානයකත් තවත් විදේශිකයන් දෙදෙනකු වෙන වෙනම ස්ථාන දෙකකත් මෙම වගාව පවත්වාගෙන ගොස් තිබෙන බව ද සඳහන්.

විදේශිකයන් බදු පදනම යටතේ සංචාරක නිවස්න (Villa) ලබාගෙන මෙම ගංජා ජාවාරම කරගෙන ගොස් ඇති අතර ඔවුන්ගේ හිතවත් විදේශිකයන්ට මෙම මත්ද්‍රව්‍ය අගය එකතු කර කුෂ් මත්ද්‍රව්‍ය ලෙසින් අලෙවිය කරගෙන ගොස් ඇතැයි ද පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

හබරාදුව පොලිසිය මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16